විදෙස්ගතව සිට පැමිණ 2913 දෙනෙකු ස්වයං නිරෝධායන ක්‍රියාවලියට ලියාපදිංචි වෙයි

Wednesday, 01 April 2020 - 17:08

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B6%AD%E0%B7%80+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB+2913+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%82+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%AF%E0%B7%92%E0%B6%82%E0%B6%A0%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
අද දහවල් 12 වන විට විදෙස්ගතව සිට පැමිණ 2913 දෙනෙකු ස්වයං නිරෝධායන ක්‍රියාවලිය සඳහා ලියාපදිංචි වී ඇතැයි පොලිසිය පවසනවා.

මාර්තු 16 වනදා සිට විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන් මෙලෙස ලියාපදිංචි වී ඇති බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියාසිටියේ.

එලෙස ලියාපදිංචි නොවූ පුද්ගලයන්ට එරෙහිව නිරෝධායන නීතිය යටත් දැඩි පියවර ගන්නා බව අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. 

නිරෝධායනය මග හරිමින් සිටින තවත් කිහිප දෙනෙකු පිළිබඳ තොරතුරු ලැබී ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මක බව ද ඔහු සඳහන් කළා.

පසුගිය දිනවල නිරෝධායන කටයුතුවලට සහභාගී වන නිලධාරීන් සමච්චලයට ලක් කරමින් ඔවුන්ගේ රාජකාරී කටයුතු වීඩියෝගත කර සමාජ මාධ්‍යවලට වීඩියෝ මුදා හරිනු ලැබූ පුද්ගලයන් සම්බන්ධයෙන් අයුතු අවහිරය සහ රජයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම මෙන්ම සාපරාධී බලහත්කාරය පෑම යන චෝදනා යටතේ විමර්ශණ ක්‍රියාත්මක වනවා.

මේ අතර අටලුගම සහ අකුරණ ප්‍රදේශ තවදුරටත් වසා දමා ඇති අතර අදාළ නීති උල්ලංඝණය කරන පුද්ගලයන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බවයි අජිත් රෝහණ මහතා අවධාරණය කළේ.

ඒ සම්බන්ධ පරීක්ෂණ සඳහා සිවිල් ඇඳුමින් ද පොලිස් නිලධාරීන් යොදවා තිබෙනවා.

ඇඳිරි නීති බලපත්‍ර කොන්දේසි උල්ලංඝණයට එරෙහිව ද දැඩිව පියවර ගන්නා අතර ඇඳිරි නීතිය කඩ කරමින් සිටින පුද්ගලයන්ට එරෙහිව ද දැඩි පියවර ගන්නා බව නියෝජ්‍ය පොලිස්පතිවරයා කියාසිටියා.

මේ අතර මෙරට සිටින විදේශිකයින් සඳහා නිකුත් කර ඇති සියලූම වර්ගයේ වීසා බලපත්‍රවල වලංගු කාලය ද මැයි 12 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.

මේ අතර පිටුපස දොරටුවෙන් හොර රහසේ මත්පැන් අලෙවි කළ නාරාහේන්පිට ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලක මත්පැන් අලෙවිසැලට සුරාබදු දෙපාර්තමේන්තුව අද මුද්‍රා තැබුවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories