කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් තුන්දෙනෙකු අද හමුවීමත් සමඟ මෙරට කොරෝනා ආසාදනය වූ සංඛ්‍යාව 146 දක්වා ඉහළ ගියා.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කියා සිටියේ යාපනය, මරදාන සහ කුරුණෑගලින් නව ආසාදිතයන් තුන්දෙනා හමුවූ බවයි.
මේ වනවිට 18 දෙනෙකු කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලබා නිවෙස් බලා ගොස් අවසන්.
ඒ අනුව තවත් 126 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.
මීට අමතරව සැක සහිත රෝග ලක්ෂණ සහිතව වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් ගතකර සිටින සංඛ්‍යාව 231ක්.
මේ අතර කොරෝනා ආසාදිතයෙකු හමුවූ බේරුවල - පන්නිල ප්‍රදේශයේ පුද්ගලයින් 140 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර තිබෙනවා.
බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය වරුණ සෙනෙවිරත්න සඳහන් කළේ මෙම පිරිස ආසාදිතයා ඇසුරු කර ඇති බවට ලද තොරතුරු අනුව මෙලෙස නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකළ බවයි.
ඔවුන් සියලූදෙනාම කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත පිටත්කර යවා ඇති බව හිරු ප්රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී අනාවරණ වුුණා.
මේ අතර විදෙස් රටවල සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා සිටි තවත් 96 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද නිවෙස් බලා පිටත්ව ගියා.
ඒ, දම්මින්න සහ පූනානි නිරෝධායන මධ්‍යස්ථානවලින්.

Follow US
Most Viewed Stories