සිංගප්පූරුවේ රැකියා කරන ශ්‍රී ලාංකිකයන් තුන්දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වෙයි

Wednesday, 01 April 2020 - 22:42

%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%9B%E0%B6%BB%E0%B7%83%E0%B6%BA+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
සිංගප්පූරුවේ රැකියාවල නිරතව සිටින ශ්‍රී ලාංකිකයන් තුන්දෙනෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව එරට සෞඛ්‍ය අංශ නිවේදනය කළා.

මෙලෙස වෛරසය ආසාදනය වී ඇත්තේ අවුරුදු 33, 37 සහ 44 වයස්වල පසුවන පුද්ගලයන්.

කොරෝනා වෛරසය ව්‍යාප්තිය වැළැක්වීමේ අරමුණින් ජනතාවට පොලිස් මූලස්ථානය වෙත පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා නව දුරකතන අංකයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව 1933 දුරකතන අංකයට පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කළේ.

එම දුරකතන අංකයට පැමිණිලි ඉදිරිපත් කළ හැකි අතරම, 119 දුරකතන අංකයටද තවදුරටත් පැමිණිලි ඉදිරිපත් කළ හැකියි.

මෙම කාලය තුළ 119 දුරකතන අංකයට කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීමේ අරමුණින් ලබාදෙනු ලබන පැමිණිලි සඳහා වැඩි අවධානයක් යොමු කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

මේ අතර කොරෝනා වෛරසය මර්දනයට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග ප්‍රශංසනීය බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත හැනා සිගර් ප්‍රකාශ කළා.

ඒ, ජනාධිපති කාර්ය සාධක බලකායේ විශේෂ රැස්වීමකට ඊයේ අරලියගහ මන්දිරයේදී එක්වෙමින්.

එමෙන්ම කොළඹ ජාතික රෝහලේ සායනික සේවාවන් ලබාගන්නා රෝගීන්ට උදෑසන අටේ සිට පස්වරු දෙක දක්වා කාලය තුළ එම සායනික අංශ ඇමතිය හැකියි.

011 3 618 727 අංකයෙන් හෘද රෝග සායන අංශයත්, 011 3 618 723 අංකයෙන් දියවැඩියා සායන අංශයත්, 011 3 618 756 අංකයෙන් ස්නායු රෝග අංශයත්, 011 3 618 750 අංකයෙන් කායික රෝග අංශයත් ඇමතිය හැකියි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories