අදත් රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා - (වීඩියෝ සහ ඡායාරූප)

Thursday, 02 April 2020 - 7:48

%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B7%84%E0%B6%B1+%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F+-+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D+%E0%B7%83%E0%B7%84+%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තවීමත් සමඟ දැඩි දුෂ්කරතා මැද, සරණක් අවැසිව සිටින අපේම ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක “රට වෙනුවෙන් හිරු” සහන යාත්‍රා ක්‍රියාන්විතය අද දිස්ත්‍රික්ක 4 ක් කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වනවා.

පන්සලේ, පල්ලියේ, කෝවිලේ, පුදබිමේ වැඩ සිටින අති පූජනීය මහා සංඝරත්නය ප්‍රධාන පූජකවරුන්ගේත්, ළමා නිවාසවල රැඳී සිටින දූ දරුවන්ගේත්, වැඩිහිටි නිවාසවල තනි වූ වැඩිහිටියන්ගේත් ඕනෑ එපාකම් සපුරාලීම වෙනුවෙන් මෙවර හිරු පෙරමුණ ගෙන සිටිනවා.

වියලි ආහාර ද්‍රව්‍ය රැගත් රථ පෙළ අද දිනයේ කොළඹ, ගම්පහ, කළුතර සහ රත්නපුර යන දිස්ත්‍රික්ක බලා පිටත්ව යනවා.

මේ අතර, කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමේ වැඩි අවදානමක් ඇති වැඩිහිටියන් ඉන් ආරක්ෂා කර ගැනීම සඳහා හිරු මාධ්‍ය ජාලයේ සන් එෆ්.එම්. ගුවන් විදුලි නාලිකාව සන් එෆ් එම් කෙයාර්ස් (SUN FM CARES) නමින් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව සරණක් නොමැතිව තනි වූ වැඩිහිටියන් සිටින වැඩිහිටි නිවාස විෂබීජහරණය කිරීමේ පළමු අදියර ඊයේ වැල්ලවත්ත - බ්‍රෝහියර් අනුස්මරණ වැඩිහිටි නිවාසයේත්, ග්‍රෑන්ඩ්පාස් - දයාවේ නිවස වැඩිහිටි නිවාසයේත් ක්‍රියාත්මක වුණා.

මෙම සම්පූර්ණ ක්‍රියාවලියම වෘත්තීමය සේවාවන් සපයන පුද්ගලයන් යොදාගෙන නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රම උපයෝගී කර ගනිමින් ක්‍රියාත්මක වීම විශේෂත්වයක්.

මෙම සේවාව ඔබගේ වැඩිහිටි නිවාසයේත් ක්‍රියාත්මක කර ගැනීමට අවශ්‍ය නම් 0773035926, 0773939209 දුරකතන අංකයට ඇමතුමක් ලබාදිය හැකියි.






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories