කොරෝනා වැළඳී මෙරටදී මියගිය තුන්වන පුද්ගලයාට තවත් රෝග කිහිපයක්

Thursday, 02 April 2020 - 8:21

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B7%85%E0%B6%B3%E0%B7%93+%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
කොරෝනා වෛරසය වැළඳී මෙරටදී මියගිය තුන්වන පුද්ගලයා දියවැඩියාව, අධි රුධිර පීඩනය, දීර්ඝකාලීන වකුගඩු අඩපණවීම ආදී රෝග තත්ත්වවලින් පෙළී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ ඊයේ මෙලෙස මියගියේ 73 හැවිරිදි මරදාන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවයි.

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින විට ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු කරගනු ලැබුවේ ඊයේ දිනයේදියි.

පසුව රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් කොළඹ අයි.ඩී.එච්. රෝහල වෙත මාරුකර යැවුණු මොහු එහිදියි මියගොස් ඇත්තේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories