විශ්‍රාම වැටුප්ලාභීන්ට ප්‍රවාහන පහසුකම් සඳහා ලංගම සහයට - (වීඩියෝ)

Thursday, 02 April 2020 - 13:04

%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%B7%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%B4%E0%B7%84%E0%B7%83%E0%B7%94%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B6%B8+%E0%B7%83%E0%B7%84%E0%B6%BA%E0%B6%A7+-+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
විශ්‍රාම වැටුප්ලාභීන්ට තම විශ්‍රාම වැටුප ලබා ගැනීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික බැංකු වෙත පැමිණීමට නොමිලේ ලංගම බස් රථ යොදවා තිබෙන අයුරු දක්නට ලැබුණා.

රාජ්‍ය සහ පෞද්ගලික බැංකු විසින් අද දින විශ්‍රාම වැටුප් ගෙවීම් සිදු කළ අතර තමන් පදිංචි වසමේ ග්‍රාම නිලධාරිවරයාගේ අධීක්ෂණය යටතේ යුද හමුදාවේ ආරක්ෂාව මධ්‍යයේ විශ්‍රාමික ප්‍රතිලාභීන් බැංකු වෙත රැගෙනවිත් ඔවුන් ඒවා ලබා ගැනීමෙන් අනතුරුව යලිත් නිවෙස්වලට යාමට කටයුතු සලස්වා තිබුණා.

විශ්‍රාමිකයන්ට අද, හෙට සහ මේ මස 06 වනදා විශ්‍රාම වැටුප් ගෙවන බවට රජය මීට පෙර ප්‍රකාශ කර තිබූ අතර ඔවුන් දැනුම් දුන්නේ තැපැල් කාර්යාලවලින් විශ්‍රාම වැටුප් ලබා ගන්නා විශ්‍රාමිකයන්ට ඒ වෙත පැමිණීමට අවශ්‍ය නොවන බවයි.

ඒ වෙනුවට ඔවුන්ගේ නිවෙස්වලට හෝ ග්‍රාමසේවක වසම් තුළට තැපැල් දෙපාර්තමේන්තුව මඟින් විශ්‍රාම වැටුල් ගෙනවිත් භාර දෙන බවද රජය මීට පෙර නිවේදනය කළා.

මේ අතර විශ්‍රාම වැටුප ලබාදීමට සමගාමීව ඔවුන්ට අවශ්‍ය ඖෂධ මිලදී ගැනීමට මෙම දින තුන ඖෂධ අලෙවිසැල් විවෘත කිරීමට ද රජය ගත් තීරණයට අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල රජය සහ පෞද්ගලික ඔසුසල් ද විවෘත කර තිබුණා.

මේ සඳහා ගමන් කිරීමේදී විශ්‍රාමිකයන්ට ඔවුන්ගේ විශ්‍රාමික හැඳුනුම්පත, ඇඳිරි නීති බලපත්‍රය ලෙස භාවිත කළ හැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න ප්‍රකාශ කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories