ලොව පුරා රටවල් 203 කින් කොරෝනා ආසාදිතයින් නව ලක්ෂයක්

Thursday, 02 April 2020 - 21:05

%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B6%BB%E0%B6%A7%E0%B7%80%E0%B6%BD%E0%B7%8A+203+%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%80+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ලොව පුරා රටවල් 203කින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව නවලක්ෂ 46,875 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මරණ සංඛ්‍යාව ද 48,135ක් ලෙසයි දැක්වෙන්නේ.

එමෙන්ම, වෛරසය ආසාදනය වූවන් අතරින් දෙලක්ෂ 317 දෙනෙකු සුවය ලබා ඇති බව ද සඳහන්.  

මේ වනවිට වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඇමරිකාවෙන් වන අතර එම සංඛ්‍යාව දෙලක්ෂ 15,344ක්.

ඇමරිකාවෙන් මරණ 5112ක් ද වාර්තා වන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඉතාලියේ ද ආසාදිතයන් එක්ලක්ෂ 10,574 දෙනෙකු වාර්තා වන අතර, ලොව වැඩිම මරණ සංඛ්‍යාවක් ද එරටින් වාර්තා වනවා.

එම සංඛ්‍යාව 13,155ක්.

යුරෝපයේ දරුණුතම බලපෑමට ලක් වූ දෙවන රට වන්නේ ස්පාඤ්ඤය වන අතර එරටින් ආසාදියන් එක්ලක්ෂ 10,238 දෙනෙකු වාර්තා වුණා.

එමෙන්ම, මරණ සංඛ්‍යාව දසදහස ඉක්මවා තිබෙනවා.

ස්පාඤ්ඤයේ වෛරසය ව්‍යාප්තිය පාලනයට ගත් දැඩි ක්‍රියාමාර්ග හමුවේ එරට ලක්ෂ 9 කට පමණ රැකියා අහිමි වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.

ස්පාඤ්ඤයේ වැඩිම විරැකියා අනුපාතය පසුගිය මාර්තු මාසයේ සටහන් වී ඇති අතර, යුරෝපා කලාපයේ ද වැඩිම විරැකියා අනුපාතය වාර්තා වී ඇත්තේ මාර්තු මාසයේ බව සඳහන්.

වෛරසය බිහි වූ චීනයේ මේ වනවිට වෛරසය ව්‍යාප්තිය සාර්ථක ලෙස පාලනය කර ඇති අතර, මේ දක්වා වාර්තා වී ඇත්තේ ආසාදිතයන් 81,589 දෙනෙකු පමණයි.

එමෙන්ම, එරට මරණ සංඛ්‍යාව ද 3318 ක් ලෙසයි දැක්වෙන්නේ.

මේ අතර, කොරෝනා වසංගතයෙන් පසු චීනයේ - ෂෙන්සෙන් නගරයේ සුනඛ සහ බළල් මස් කෑම තහනම් කර තිබෙනවා.

මැයි පළවනදා සිට එම තහනම ක්‍රියාත්මක බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

කොරෝනා වෛරසය සතුන්ගෙන් මිනිසුන්ට බෝ වූ බවට විද්‍යාඥයන් සැක පළ කිරීමත් සමග චීනයේ වන සත්ත්ව වෙළඳාම ද තහනම් කරනු ලැබුවා.

එමෙන්ම, අසල්වැසි ඉන්දියාවේ ද මේ වනවිට ආසාදිතයන් සංඛ්‍යාව 2032 දක්වා ඉහළ ගොස් ඇති අතර, වාර්තා වන මරණ සංඛ්‍යාව 58ක්.

මේ අතර, බ්‍රිතාන්‍ය ගුවන් සේවය ලොව පුරා සිය කාර්ය මණ්ඩලයේ 36,000කගේ සේවය අත්හිටුවීමට අපේක්ෂා කරන බව අද නිවේදනය කළා.

කාර්ය මණ්ඩලය සහ ගුවන් සමාගම අතර ඒ පිළිබඳ පුළුල් ගිවිසුමකට එළඹ ඇති අතර තවමත් ඇතැම් කරුණු වලට අත්සන් තබා නොමැති බවයි වාර්තා වන්නේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories