මැතිවරණ කොමිසමෙන් ජනපතිට දැනුම්දීමක්

Thursday, 02 April 2020 - 21:47

%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
රටේ පවතින තත්ත්වය මත පාර්ලිමේන්තු මහ මැතිවරණය මැයි මස අවසන් සතියේදී හෝ පැවැත්විය නොහැකි බවත් ඒ අනුව නව පාර්ලිමේන්තුව නිශ්චිත දිනයේදී රැස්වීමට නොහැකිවනු ඇති බවටත් මැතිමැතිවරණ කොමිෂන් සභාව නිරීක්ෂණය කර තිබෙනවා.

ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා වෙත ලිපියක් යොමු කරමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා දන්වා ඇත්තේ මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මඟ පෙන්වීමක් ලබා ගැනීම සඳහා ජනාධිපතිවරයා කඩිනමින් ක්‍රියාකිරීම යෝග්‍ය බවයි.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පසුගිය 31 වෙනිදා, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාට ලිපියක් යොමු කරමින් සඳහන් කර ඇත්තේ කොවිඩ් 19 වෛරසයේ පැතිරීම හේතුවෙන් අප්‍රේල් මස 25 වෙනිදා පැවැත්වීමට සැලසුම් කර තිබූ මහ මැතිවරණය මැයි මස 14ට පසු දිනයක පැවැත්වීමට මීට පෙර තීරණය වූ බවයි.

ඒ අනුව නව පාර්ලිමේන්තුව රැස්වන දිනයක් ජනාධිපතිවරයා විසින් නැවත ගැසට් පත්‍රයකින් නිවේදනය කළ යුතු වන අතර, එම දිනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව විසිරවූ මාර්තු 02 වෙනිදා සිට මාස 03ක් නොඉක්මවන දිනයක් විය යුතු බව එම ලිපියේ දැක්වෙනවා.

ඉන් පෙන්වා දෙන්නේ එසේ වුවහොත් නව පාර්ලිමේන්තුව ජුනි මස 01 දිනවත් රැස්විය යුතු බැවින් ඒ සඳහා මැයි මස 27 හෝ 28 දිනවල මහ මැතිවරණය පැවැත්විය යුතු බවයි.

ඒ සඳහා අප්‍රේල් මස 20 වෙනිදා සිටවත් සිය නිලධාරීන් මැතිවරණ කටයුතු ආරම්භ කළ යුතු බව කොමිෂන් සභාව පෙන්වා දෙනවා.

විශේෂඥ මත අනුව කොවිඩ් - 19 වෛරසය පැතිරීම සම්පූර්ණයෙන් පාලනය කිරීමට අප්‍රේල් මාසය තුල හැකියාවක් නොලැබෙන බව තම කොමිෂන් සභාවට පැහැදිලි වන බවද ඔවුන් ජනාධිපති ලේකම්වරයා වෙත යොමු කළ ලිපියේ සඳහන්.

පාර්ලිමේන්තුව විසිරවූ දිනයේ සිට මාස 3ක් ඇතුලත නව පාර්ලිමේන්තුව රැස්විය නොහැකි බැවින් මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මඟපෙන්වීමක් ලබා ගැනීමට ජනාධිපතිවරයා කඩිනමින් ක්‍රියාකිරීම යෝග්‍ය බව මැතිවරණ කොමිෂන් සභාව යොමු කළ ලිපියේ වැඩිදුරටත් සදහන්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories