කොවිඩ් 19 ආසාදනයවීමෙන් ලොවපුරා මියගිය පිරිස මේ වනවිට 50,277ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ලොවපුරා වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව නවලක්ෂ 81,838ක්.
වෛරසයේ ශීඝ්‍ර ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් මුව ආවරණ පැළඳීම ප්‍රවර්ධනය කළ යුතුද යන්න පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය යොමුව තිබෙනවා.
කොවිඩ් 19 ආසාදිතයන් වැඩිම සංඛ්‍යාවක් මේ වනවිට වාර්තා වන්නේ ඇමරිකාවෙන් වන අතර, එම සංඛ්‍යාව 215,344ක්.
ආසාදිතයන් ලක්ෂ දෙකේ සීමාව පසුකල පළමු රට ඇමරිකාවයි.
ගතවූ පැය 24 තුළ ඇමරිකාවෙන් නව මරණ 900කට වැඩි ප්‍රමාණයක් වාර්තාවීමත් සමඟ එරට සමස්ත මරණ සංඛ්‍යාව ද 5112 දක්වා ඉහළ ගියා.
ඇමරිකාවේ කනේටිකට් ප්‍රාන්තයේ සති 6ක බිළිඳෙකු කොවිඩ් 19 ආසාදනයවීමෙන් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Follow US
Most Viewed Stories