රට තුළ ආහාර නිෂ්පාදනය කඩිනම් කිරීමට රජයෙන් නව වැඩපිළිවෙලක්

Friday, 03 April 2020 - 11:14

%E0%B6%BB%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%85+%E0%B6%86%E0%B7%84%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B1%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%A9%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%80+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A
කොරෝනා වසංගත තත්ත්වය හමුවේ අඛණ්ඩව රට තුළ ආහාර නිෂ්පාදනය කඩිනම් කිරීමේ අරමුණෙන් සෞභාග්‍යා ගෙවත්ත නමින් ගෙවතු දස ලක්ෂයක් වගා කිරිමේ වැඩසටහනක් දියත් කර තිබෙනවා.

මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩසටහන යටතේ බීජ වර්ග 5කින් යුත් බීජ පැකට්ටුවක් සහ ඊට අවශ්‍ය උපදෙස් පත්‍රිකාවක් මෙන්ම එළවළු පැළ සහිත බඳුනක් ලබාදීමට කටයුතු කෙරෙනු ඇති.

මේ පිළිබඳ වැඩි විස්තර, බීජ සහ පැළ ඇණවුම් www.saubagya.lk යන වෙබ් අඩවියෙන් ලබා ගත හැකි බවයි මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories