මත්පැන් අලෙවිසැලක් කඩා ලක්ෂ 05ක මත්පැන් සොරාගෙන

Friday, 03 April 2020 - 12:36

%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%99%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+05%E0%B6%9A+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1
නොර්වුඩ් පොලිස් බල ප්‍රදේශයට අයත් පුලියාවත්ත ප්‍රදේශයේ මත්පැන් අලෙවිසැලක් කඩා එම අලෙවිසැලේ තිබු දේශිය සහ විදේශිය මත්පැන් බෝතල් විශාල ප්‍රමාණයක් සොරාගෙන ගොස් ඇති බව නොර්වුඩ් පොලිසිය පවසනවා.

අද (03) අලුයම් කාලයේ මත්පැන් අලෙවිසැලේ ඉදිරිපස දොරගුළු කඩා ඇතුළු වූ පිරිසක් මෙම සොරකම සිදුකර තිබෙනවා.

මෙලෙස සොරාගෙන ගොස් ඇති මත්පැන් බෝතල් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ පහක් වන බවයි තක්සේරු කර ඇත්තේ.

සොරකම සම්බන්ධයෙන් නොර්වුඩ් පොලිසිය පරික්ෂණ පවත්වනු ලබනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories