ඇඳිරි නීතිය උල්ලංඝණය කළ 11607 දෙනෙකු අත්අඩංගුවට

Friday, 03 April 2020 - 21:54

%E0%B6%87%E0%B6%B3%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%8B%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%82%E0%B6%9D%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+11607+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ඇඳිරි නීතිය උල්ලංඝණය කළ 11607 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ පසුගිය මාර්තු 20 වනදා පස්වරු 6 සිට ඇඳිරි නීතිය පැනවීමෙන් පසු මේ දක්වා මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මෙම කාලය තුල වාහන 2878ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අද දහවල් 12 සිට පස්වරු 6 දක්වා ගතවූ පැය 6 තුළ පමණක් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සංඛ්‍යාව 588ක්.

එම කාලය තුල වාහන 151ක් ද පොලිස් භාරයට ගැනුනා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories