‘‘රට වෙනුවෙන් හිරු’’ සහන යාත්‍රාව අද දිනයේත් ක්‍රියාත්මකයි (ඡායාරූප සහ වීඩියෝ)

Saturday, 04 April 2020 - 7:55

%E2%80%98%E2%80%98%E0%B6%BB%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E2%80%99%E2%80%99+%E0%B7%83%E0%B7%84%E0%B6%B1+%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%AF+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4+%E0%B7%83%E0%B7%84+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
කොරෝනා වෛරසය ව්‍යාප්තවීමත් සමඟ දැඩි දුෂ්කරතා මැද, සරණක් අවැසිව සිටින අපේම ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක ‘‘රට වෙනුවෙන් හිරු’’ සහන යාත්‍රා ක්‍රියාන්විතය අද ගම්පහ, කොළඹ, කුරුණෑගල යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වනවා.

පන්සලේ, පල්ලියේ, කෝවිලේ, පුදබිමේ වැඩ සිටින අති පූජනීය මහා සංඝරත්නය ප්‍රධාන පූජකවරුන්ගේත්, ළමා නිවාසවල රැඳී සිටින දූ දරුවන්ගේත්, වැඩිහිටි නිවාසවල තනි වූ වැඩිහිටියන්ගේත්  ඕනෑ එපාකම් සපුරාලීම වෙනුවෙන් මෙවර හිරු පෙරමුණ ගෙන සිටිනවා.

මේ අතර, කොරෝනා වෛරසය ආසාදනය වීමේ වැඩි අවදානමක් ඇති වැඩිහිටියන් ඉන් ආරක්ෂා කර ගැනීම සඳහා හිරු මාධ්‍ය ජාලය වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව සරණක් නොමැතිව තනි වූ වැඩිහිටියන් සිටින වැඩිහිටි නිවාස විෂබීජහරණය කිරීමේ තවත් අදියරක් පසුගියදා වැල්ලවත්ත - විද්‍යා වැඩිහිටි නිවාසයේත්, හංවැල්ල - මෛත්‍රී වැඩිහිටි නිවාසයේත්, හංවැල්ල - මව්පිය සෙවන වැඩිහිටි නිවාසයේත්, මීගොඩ - සෙනෙහස වැඩිහිටි නිවාසයේත්, මීගොඩ - සැඳෑ සෙවන වැඩිහිටි නිවාසයේත් ක්‍රියාත්මක වුණා.

මෙම සම්පූර්ණ ක්‍රියාවලියම වෘත්තීමය සේවාවන් සපයන පුද්ගලයන් යොදාගෙන නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රම උපයෝගී කර ගනිමින් ක්‍රියාත්මක වීම විශේෂත්වයක්.

077 303 59 30 දුරකතන අංකය ඇමතීමෙන් අවශ්‍යතාවය ඇති වැඩිහිටි නිවාසයන් වෙත මෙම සේවාව සපයා ගත හැකියි.

එමෙන්ම, හිරු මාධ්‍ය ජාලය, ශ්‍රී ලංකා රතු කුරුස සමාජය හා එක්ව පොදු ස්ථාන විෂබීජහරණය කිරීමේ වැඩසටහනක්ද මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව අද මහරගම පොලීසිය පරිශ්‍රය විෂබීජහරණය කිරීමට නියමිතයි. පසුගිය දා හෝමාගම, පාදුක්ක, හංවැල්ල, නවගමුව, අතුරුගිරිය, තලංගම, මුල්ලේරිය හා වැල්ලම්පිටිය යන පොලිස් ස්ථාන විෂබීජහරණය කෙරුණා.

රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයේ තවත් එක් පියරවක් ලෙස හිරු මාධ්‍ය ජාලය, ශ්‍රී ලංකා රතු කුරුස සමාජය සමග එක්ව කොවිඞ් නයින්ටීන් වෛරසය මැඩ පැවැත්වීම සඳහා කටයුතු කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට අවශ්‍ය ආරක්ෂිත ඇඳුම් සහ උපකරණ ලබාදීමේ වැඩසටහනක් ද ආරම්භ කළා.

එහි පළමු පියවර ලෙසින් ආරක්ෂක ඇඳුම් සහ උපකරණ ජාතික බෝ වන රෝග විද්‍යා ආයතනය වෙත ප්‍රධානය කිරීම ඊයේ සිදුකෙරුණා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories