බ්‍රිතාන්‍ය වැසියන්ට සෞඛ්‍ය ලේකම්ගෙන් උපදේශයක්

Saturday, 04 April 2020 - 9:34

%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
බ්‍රිතාන්‍යයේ කොවිඩ් නයින්ටීන් මරණ සංඛ්‍යාව මේ වන විට 3605 දක්වා ඉහළ ගොස් ඇත්තේ චීනයේ මරණ සංඛ්‍යාව ද අභිබවමින්.

එරටින් කොරෝනා ආසාදිතයන් 38,168ක් ද වාර්තා වනවා.

මේ අතර, කොරෝනා ආසාදිත බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් ප්‍රකාශ කළේ මෙම සති අන්තයේ ද නිවෙස්වලට වී සිටින ලෙස බ්‍රිතාන්‍ය වැසියන්ට උපදේශයක් ලබාදෙන අතර, එය ඉල්ලීමක් නොවන බවයි. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කාර්යාලයේ ඊයේ පැවති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන් කළා.

කොරෝනා වෛරසයෙන් මිය ගිය බ්‍රිතාන්‍ය හෙදියන් දෙදෙනෙකුට උපහාර පුද කළ එංගලන්ත ප්‍රධාන හෙද නිලධාරීනී රූත් මේ, ජනතාව වෙතින් ඉල්ලා සිටියේ ඔවුන් වෙනුවෙන් නිවෙස්වලට වී සිටින ලෙසයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories