මියගිය පස්වන කොරෝනා ආසාදිතයාගේ සිරුර අරලගංවිලදී ආදාහනය කෙරේ (වීඩියෝ)

Saturday, 04 April 2020 - 15:45

%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB+%E0%B6%85%E0%B6%BB%E0%B6%BD%E0%B6%9C%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B6%AF%E0%B7%93+%E0%B6%86%E0%B6%AF%E0%B7%8F%E0%B7%84%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
විදෙස් ගතව සිට මෙරටට පැමිණ දින 14ක නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ තවත් 286 දෙනෙකු අද නිවෙස් වෙත පිටත් කර හැරුණා.

එසේම, කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මියගිය පස්වැනි පුද්ගලයාගේ දේහය අද පස්වරුවේ අරලගංවිල - විජයබාපුර පොදු සුසාන භූමියේදී ආදාහනය කෙරුණා.

ඒ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ වැලිකන්ද මූලික රෝහලේ කාර්ය මණ්ඩලයේ කිහිපදෙනෙකු සහ පොලීසියේ සහභාගිත්වයෙන්.

මෙම අවස්ථාවට මියගිය පුද්ගලයාගේ පවුලේ ඥාතීන් කිහිපදෙනෙකු පමණක් එක්ව සිටි බවයි අප වාර්තාකරු පැවසුවේ.

අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි මියගිය පුද්ගලයා 44 හැවිරිදි දෙදරු පියෙක්.

ඉතාලියේ සිට පැමිණ කන්දකාඩු මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක් වෙමින් සිටි මෙම පුද්ගලයා පසුගිය 23 වනදා වැලිකන්ද මූලික රෝහලට ඇතුළත් කර තිබුණා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories