හෙද සේවකයින්ට ආරක්ෂක පහසුකම් සැපයීමට රජය අපොහොසත් වී ඇතැයි චෝදනාවක්

Sunday, 05 April 2020 - 7:35

%E0%B7%84%E0%B7%99%E0%B6%AF+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%B4%E0%B7%84%E0%B7%83%E0%B7%94%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%B4%E0%B6%BA%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA+%E0%B6%85%E0%B6%B4%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B7%83%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%93+%E0%B6%87%E0%B6%AD%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
කොරෝනා ප්‍රතිකාර සේවාවල නිරත වන හෙද සේවකයින්ට ආරක්ෂක පහසුකම් සැපයීමට රජය අපොහොසත් වී ඇති බවට රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය චෝදනා කරනවා.

ඔහු කියා සිටියේ සෞඛ්‍ය ආරක්ෂක උපකරණවල අඩුපාඩු මධ්‍යයේ හෙද නිලධාරීන්ට රාජකාරී කිරීමට සිදුව ඇති බවයි.

කෙසේ වෙතත්, සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය අදාළ ගැටළු ලිඛිතව අමාත්‍යාංශ ලේකම්වරිය වෙත දැනුම් දී ඇති අතර, ලේකම්වරිය විසින් එම ගැටළු සඳහා විසඳුම් ලබාදෙන බවට රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය දැනුවත් කර ඇති බවයි.

ඊට අදාළ චක්‍රලේඛද මේ වනවිට සකස් කර අවසන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා.

මේ අතර ආසාදනය වූ තවත් පුද්ගලයින් හතර දෙනෙකු ඊයේ රාත්‍රියේ තහවුරු කර ගැනීමත් සමඟ කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය මෙරටදී ආසාදනය වූ පුද්ගලයින් සංඛ්‍යාව 166 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

වෛරසය ආසාදනය වී රෝහල්ගතව සිටි දෙදෙනෙකු ඊයේ රෝහලෙන් පිටව යෑමත් සමඟ පුද්ගලයින් 27 දෙනෙකු මේ වනවිට සම්පූර්ණයෙන්ම සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.

වෛරසය වැළඳී මේ වනවිට ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 134 ක් වන අතර, කොරෝනා මරණ 05 ක් මෙරටින් වාර්තා වනවා.  

මේ අතර, දකුණු කොරියාවේ සිට මෙරටට පැමිණ දින 14ක නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර පසුගිය 24 වැනිදා නිවස වෙත ගොස් සිටියදී කොරෝනා ආසාදනය වූ පුද්ගලයා සමඟ නිරෝධායන කටයුතුවලදී සමීප සබඳතා පැවැත්වූ පුද්ගලයින් 05 දෙනෙකු කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අදාළ පුද්ගලයින් පස් දෙනාගෙන් කිසිදු රෝග ලක්ෂණයක් මෙතෙක් වාර්තා වී නොමැති අතර, තවදුරටත් ඔවුන් පිළිබඳව පරීක්ෂණ පවත්වන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

එමෙන්ම, එම පුද්ගලයින් පස් දෙනා ඇතුළුව ඔහු සමීපව ඇසුරු කළ තවත් 12 දෙනෙකු මාතර සහ හම්බන්තොට රෝහල්වලට ඇතුළත් කර ඇති අතර, ඔවුන්ගේ ජෛව සාම්පල ඉදිරියේදී කරාපිටිය රෝහලට පරීක්ෂණ සඳහා රැගෙන ඒමට නියමිත බවද සඳහන්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories