ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව ඉහළට

Sunday, 05 April 2020 - 8:37

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
ඉන්දියාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 3,000 ඉක්මවා ඇති අතර, මරණ 75ක්ද වාර්තාවන බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.

කෙසේ නමුත් ජාත්‍යන්තර වෛද්‍ය සමීක්ෂණ ආයතන ප්‍රකාශ කරන පරිදි එය 86ත් 99ත් අතර සංඛ්‍යාවක් වනු ඇති.

ඉන්දියාවේ ගතවූ පැය 24 තුළ කොරෝනා වෛරස් මරණ 13ක් වාර්තාවූ අතර, එම කාලය තුළ හමුවූ නව ආසාදිතයන්ගේ සංඛ්‍යාව 525 ක්. ඒ අනුව එරට මුළු ආසාදිත සංඛ්‍යාව 3,072ක්.

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන්ගෙන් තුනෙන් එකක්ම නවදිල්ලියේ පසුගිය මාසයේ පැවති තබ්ලිගි ජමාත් ඉස්ලාමීය ආගමික සමුළුව හා සම්බන්ධ වීම විශේෂත්වයක්.

ඊට සහභාගිවූවන් ඉන්දියාවේ ප්‍රාන්ත 17 කට විසිර යාම ඊට හේතුවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories