අකුරණ සහ පන්නිපිටියේ 189 දෙනෙක් පූනානි කඳවුරට - නිරෝධායනය අවසන් කළ තවත් 282ක් නිවෙස් වෙත - (ඡායාරූප)

Sunday, 05 April 2020 - 13:18

%E0%B6%85%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B6%AB+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+189+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%96%E0%B6%B1%E0%B7%8F%E0%B6%B1%E0%B7%92+%E0%B6%9A%E0%B6%B3%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+-+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+282%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%AD+-+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
අකුරණ සහ පන්නිපිටිය ප්‍රදේශවල 189 දෙනෙකු නිරෝධායනය සඳහා පූනානි කඳවුර වෙත යොමුකර තිබෙනවා.

අකුරණ ප්‍රදේශය වසා දැමීමෙන් පසු ඊයේ නව කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු වාර්තා වීමත් සමඟ ඔවුන් සමීපව ඇසුරු කළ පුද්ගලයන් 144 දෙනෙකු නිරෝධායනයට යොමු කිරීමට තීරණය කෙරුණා.

එමෙන්ම, පන්නිපිටිය ප්‍රදේශයේ කොරෝනා වෛරස් ආසාදිතයෙකු ගැවසී ඇති බවට ලද තොරතුරකට අනුව, ඔහු ඇසුරු කළ 45 දෙනෙකු ද, නිරෝධායනය කිරීමටයි සෞඛ්‍ය අංශ තීරණය කළේ.

මේ අතර, පූනානි කඳවුරේදී දින 14ක නිරෝධායනය අවසන් කළ 282 දෙනෙකු අද නිවෙස් වෙත යොමු කෙරුණා.

යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී සඳහන් කළේ තවත් දින 14ක් ස්වයං නිරෝධායනයට ලක් වන ලෙස උපදෙස් ලබාදීමෙන් පසු මොවුන් නිවෙස් වෙත යොමුකළ බවයි.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories