හෙට සිට සිකුරාදා තෙක් නිවසේ සිට වැඩ කරන්න තවත් කාලයක් - අධි අවදානම් කලාපයට තවදුරටත් ඇඳිරි නීතිය

Sunday, 05 April 2020 - 19:30

%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%8F+%E0%B6%AD%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%85%E0%B6%B0%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%87%E0%B6%B3%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA
හෙට සිට මේ මස 10 වන දා දක්වා සතියේ වැඩ කරන දින රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේම ආයතන සඳහා නිවසේ සිට වැඩකරන කාලයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මීට පෙර සතිය ද නිවසේ සිට වැඩකරන කාලයක් ලෙස නම් කර තිබුණා.

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හදුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවලට බලපැවැත්වෙන ඇදිරි නීතිය නැවත දැනුම්දෙනතුරු ක්‍රියාත්මක බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

සෙසු දිස්ත්‍රික්ක සඳහා පනවනු ලැබූ ඇදිරි නීතිය හෙට උදෑසන 6 ට ලිහිල් කෙරෙන අතර එදින පස්වරු 2 ට යළි පැනවෙනු ඇති.

අදාළ දිස්ත්‍රික්කවලට පැනවෙන ඇදිරි නීතිය ඉවත් කිරීම සම්බන්ධයෙන් පසුව දැනුම් දෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය තවදුරටත් සදහන් කළේ.

අත්‍යාවශය සේවා හැර වෙනත් කාර්යයන් සදහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන් තහනම් වනවා.

කොළඹ, කළුතර සහ මහනුවර දිස්ත්‍රික්කවල හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති ගම්මාන තවදුරටත් එලෙසම පවතින අතර, කිසිවෙකුටත් එම ප්‍රදේශවලට ඇතුළුවීම හෝ පිටවීම නැවත දැනුම්දෙනතුරු සම්පූර්ණයෙන්ම තහනම් වනවා.

එමෙන්ම, කවර දිස්ත්‍රික්කයක වුව ද ගොවිතැන් සහ කුඩා තේ වතු හා අපනයන බෝග නිෂ්පාදන ක්‍රියාවලියේ නිරත ජනතාවට එම කාර්යයන්හි නිරත වීම සදහා අවසර හිමිවනු ඇති.

මේ අතර, අද උදෑසන 6 සිට දහවල් 12 දක්වා ගත වූ පැය 6ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංගණය කළ පුද්ගලයින් 248 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, පොලිස් භාරයට ගනු ලැබූ වාහන සංඛ්‍යාව 70ක්.

ඒ අනුව මාර්තු මස 20 වන දා සිට අද දහවල් දක්වා කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංගණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 13,716 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, පොලිස් භාරයට ගනු ලැබූ වාහන සංඛ්‍යාව 3423ක්.

එමෙන්ම, ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අවස්ථාවේදී ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය සඳහා ලබාදෙන අවසර පත්‍රයක් මෝටර් රථයේ අලවාගෙන සිය නැගනියගේ විවාහ උත්සවයට ඇරයුම් පත් බෙදමින් සිටි පුද්ගලයෙකු අලවතුගොඩ පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්‍යාවශ්‍ය සේවා භාණ්ඩයක් හෝ ඒවා ප්‍රවාහනය කරන බවට කිසිදු සලකුණක් නොමැතිවීම හේතුවෙන් මෝටර් රථය පරීක්ෂා කළ අවස්ථාවේදී විවාහ උත්සවයට අදාළ ඇරයුම් පත් හමුවී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories