අවුරුදු සතියේ මෙරට කොරෝනා ආසාදිතයන් 250ක් විය හැකි බවට ඉඟියක්

Monday, 06 April 2020 - 12:52

%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+250%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%89%E0%B6%9F%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ලබන 17 වනදා වනවිට මෙරටින් කොරෝනා රෝගීන් 250 ක් පමණ වාර්තාවිය හැකි බවට පුරෝකථනය වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් සංචාරණ සීමා ඇතුලු සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි පිළිපැදීම තුළ මෙරට කොරෝනා ව්‍යාප්තිය අවම කරගත හැකි බවයි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ.

මේ අතර හිරු ටී.වී. පත්තරේ විස්තරේ වැඩසටහනට අද එක්වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය කොරෝනා රෝගීන් තහවුරු කර ගැනීමට සිදු කෙරෙන පරීක්ෂණ වැඩිදියුණු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් පැහැදිළි කළා.

මේ අතර කොවිඞ් 19 වෛරසයේ ජාන, නිස්සාරණය කරගැනීම සඳහා පර්යේෂණ කට්ටලයක් මෙරටදී වැඩිදියුණු කර තිබෙනවා.

ඒ, කොළඹ විශ්වවිද්‍යාලයේ අනුකජීව හා ජෛව රසායන විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රනිල් දසනායක ඇතුලු විශේෂඥයින් කණ්ඩායමක් විසින්.

මහාචාර්ය රනිල් දසනායක සඳහන් කළේ දැනට මෙම පරීක්ෂණ කට්ටලය විදේශ රටවලින් ගෙන්වන අතර, ඒ සඳහා ලක්ෂ 3කට ආසන්න මුදලක් වැයවන බවයි.

එහෙත් දේශීය වශයෙන් නිපදවන මෙම කට්ටලය රුපියල් අසූ පන්දහසකට ආසන්න මුදලකට ලබාදිය හැකි බවද මහාචාර්යවරයා කියා සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories