ඖෂධ රැසක් ඉන්දියාවෙන් දිවයිනට (වීඩියෝ)

Monday, 06 April 2020 - 19:35

%E0%B6%96%E0%B7%82%E0%B6%B0+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
දුෂ්කරතා මැද භේදයකින් තොරව ජනතාවට සහන සැලසීමට කටයුතු කර ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

කොරෝනා වෛරසය පැතිර යාමත් සමඟ රටේ පවතින තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා, අගමැති මහින්ද රාජපක්ෂ සහ සමගි ජනබලවේගයේ නියෝජිත පිරිසක් අතර අද සාකච්ඡාවක් පැවැත්වුණා.

ඊට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ.

එහිදී කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ඉදිරියට ගෙන ඇති වැඩපිළිවෙල සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කර තිබෙනවා.

එම අවස්ථාවේදී සමගි ජනබලවේගයේ නියෝජිතයින් ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපතිවරයා සහ රජය ගෙන යන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පළ කරන බවයි.

එමෙන්ම, බෝ නොවන රෝග ඇතුළු දෛනික සෞඛ්‍ය සේවා සඳහා අවශ්‍ය වන ඖෂධ රැසක් ඉන්දියාවේ සිට හෙට දිනයේදී දිවයිනට රැගෙන ඒමට කටයුතු කරමින් සිටින බව ද ජනාධිපතිවරයා ඔවුන්ට දැනුම් දී තිබෙනවා.

අද පැවති මෙම සාකච්ඡාව සඳහා රජය නියෝජනය කරමින් අමාත්‍යවරුන් වන දිනේෂ් ගුණවර්ධන, නිමල් සිරිපාල ද සිල්වා, විමල් වීරවංශ, ඩලස් අලහප්පෙරුම ඇතුළු පිරිසක් එක්ව සිටි අතර සමගි ජන බලවේගය වෙනුවෙන් සාකච්ඡාවට එක්ව සිටියේ එහි නායක සජිත් ප්‍රේමදාස, මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු පිරිසක්.

එම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා, සමගි ජනබලවේගයේ නියෝජිතයින්ට දැනුම් දී ඇත්තේ හදිසි නීතිය සම්මත කර ගැනීම වැනි කාරණාවකට හැර වෙනත් කිසිදු අවස්ථාවක විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුවක් යළි කැදවීම සඳහා තමන්ට නීතිමය බලයක් නොමැති බවයි.  





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories