රුපියල පහත වැටීමෙන් මෙරට ආර්ථිකයට බලපෑම් (වීඩියෝ)

Monday, 06 April 2020 - 19:49

%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD+%E0%B6%B4%E0%B7%84%E0%B6%AD+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%91%E0%B6%B8%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය මේ වන විට කැපී පෙනෙන ලෙස පහත වැටී තිබෙනවා.

මහබැංකු විනිමය අනුපාතිකවලට අනුව ඩොලරයක විකුණුම් මිල අද සටහන් වූයේ රුපියල් 199යි ශත 40ක් ලෙසයි. පසුගිය සිකුරාදා ඩොලරයක විකුණුම් මිළ රුපියල් 193.75 ක් වු අතර, ඊට සාපේක්ෂව අද දිනයේදි එය රුපියල් 5.35 පහත වැටුණා.

ඒ අනුව මේ වසරේදී මේ වන විට ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 8.8කින් පමණ අවප්‍රමාණ වී  තිබෙනවා.

මෙලෙස රුපියලේ අගය පහත වැටීම මෙරට ආනයන පිරිවැය සහ ණය බර ඉහළ යාමට විශාල ලෙස බලපෑ හැකි බව ආර්ථික විශ්ලේෂකයින්ගේ අදහසයි.

කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ කියා සිටියේ මෙලෙස රුපියල අවප්‍රමාණය වුවහොත් පවතින තත්ත්වයත් සමග එය මෙරට ආර්ථික ක්ෂේත්‍රයට විශාල වශයෙන් බලපෑම් එල්ල විය හැකි බවයි.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories