ශ්‍රී ලාංකිකයන්ගේ විදේශ ආයෝජන සඳහා ගෙවීම් මාස 3කට අත්හිටුවයි

Monday, 06 April 2020 - 20:08

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%86%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B6%9C%E0%B7%99%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83+3%E0%B6%9A%E0%B6%A7+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%BA%E0%B7%92
මෙරට නේවාසිකයින් විසින් විදේශයන්හි ආයෝජනය සඳහා මෙරට ආයෝජන ගිණුම් හරහා විදේශ විනිමය පිටකිරීම අත්හිටුවමින් මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍යවරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මාස තුනක කාලයකට බලපැවැත්වෙන අදාළ නියමය යටතේ මෙරට නේවාසිකව සිටින තැනැත්තන් විසින් විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් හෝ ව්‍යාපාරික විදේශ මුදල් ගිණුම් හරහා  සිදුකරන ජංගම ගනුදෙනු සඳහාවන ප්‍රේෂණ හැර අනෙක් සියලු ප්‍රතිමුඛ ප්‍රේෂණ අත්හිටුවා තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories