කොරෝනා ආසාදිතයෙකු බවට සැක සහිත පුද්ගලයෙකු මහනුවර මහරෝහලට

Wednesday, 08 April 2020 - 9:12

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%9A+%E0%B7%83%E0%B7%84%E0%B7%92%E0%B6%AD+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%B8%E0%B7%84%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B6%A7
නව කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැක සහිත පුද්ගලයෙකු ඊයේ රාත්‍රියේ දික්ඔය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අද පෙරවරුවේ මහනුවර මහරෝහලට මාරු කර යවා තිබෙනවා.

අදාළ පුද්ගලයා කඩවත ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි වියේ පසුවන අතර, කොළඹ ප්‍රදේශයේ කම්කරුවෙකු ලෙස සේවය කරමින් සිට ඇති බවයි වාර්තා වන්නේ.

කොළඹ ඇඳිරි නීතිය පැනවීමත් සමඟ අදාළ පුද්ගලයා මහනුවර ප්‍රදේශයට පැමිණ ඇති අතර මීට දින කිහිපයකට පෙර මොහු හැටන් නගරයට පැමිණ ඇති බව සඳහන්.

දික්ඔය වත්ත ප්‍රදේශයේ සැක කටයුතු ලෙස අදාළ පුද්ගලයා සැරි සරමින් සිටියදී වතු කම්කරුවන් ඒ පිළිබදව පොලීසියට දන්වා තිබෙනවා.

පසුව ගිලන් රථයක් රැගෙන විත් අදාළ පුද්ගලයා රෝහල් ගත කිරීමට පියවර ගත් බවයි අඹගමුව වැඩබලන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්. රාමදේවන් ප්‍රකාශ කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories