අලුත් අවුරුදු සතියේ නිවසින් බැහැරව නොයන්නැයි සංස්කෘතික අමාත්‍යාංශය ඉල්ලයි

Wednesday, 08 April 2020 - 12:01

%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%80+%E0%B6%B1%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B7%83%E0%B6%82%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%98%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
කොරෝනා වෛරසය පැතිර යාමත් සමග මෙවර අලූත් අවුරුදු චාරිත්‍ර ඉටු කිරීමේදී නිවසින් බැහැරට යාම හෝ විවිධ උත්සව සංවිධානය කිරීම සිදු නොකරන ලෙස බුද්ධ ශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

අලූත් අවුරුදු චාරිත්‍ර හැකි පරිදි නිවසේ සාමාජිකයින් සමග සිදුකිරීමට මෙන්ම සරල ආහාර ද්‍රව්‍ය සකසාගෙන, නිවසේ සිටම ආගමානුකූල කාර්යයන් ඉටු කිරිමට පියවර ගන්නා ලෙසයි අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර ඉල්ලා සිටින්නේ.

මෙවර අලූත් අවුරුදු උදාව අප්‍රේල් මස 13 වන සදුදා අපරභාග 8.23 ට යෙදී ඇති අතර, පුන්‍ය කාලය එදින අපරභාග 1.59 ට ආරම්භ වී අප්‍රේල් 14 වනදා අලූයම 2.47 ට අවසන් වීමට නියමිතව තිබෙනවා.

ආහාර පිසීමේ නැකැත් චාරිත්‍රය යෙදී ඇත්තේ අප්‍රේල් මස 13 වනදා අපරභාග 10.05 ටයි. වැඩ ඇල්ලීම, ගණුදෙනු කිරීම සහ ආහාර අනුභව කිරීම 13 වනදා අපරභාග 10.43 ට සිදුකළ යුතු බවයි නැකැත් චාරිත්‍රයේ දැක්වෙන්නේ.

එම නිවේදනය පහතින්.







Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories