ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 1.5 ට ආසන්න වෙයි

Wednesday, 08 April 2020 - 13:29

%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+1.5+%E0%B6%A7+%E0%B6%86%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය පාලනය කිරීමට ඇමරිකානු ඩොලර් බිලියනයක් සිය පෞද්ගලික ධනයෙන් පරිත්‍යාග කිරීමට ට්විටර් සමාගමේ ප්‍රධාන විධායක ජැක් ඩොර්සි පියවර ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ එම මුදල ඔහුගේ ධනයෙන් සියයට 28ක් පමණ වන බවයි.

චීනයෙන් කොරෝනා මරණ 2ක් අද වාර්තා වූ අතර, අලූතින් ආසාදිතයින් 62 දෙනෙකු සොයා ගැණුනා.

මේ අතර, කොරෝනා වෛරසය ව්‍යාප්තිය නිසා පිලිපීනයේ සමස්ත ජනගහයෙන් හරි අඩකට ආසන්න සංඛ්‍යාවකට සිය නිවෙස්වලට වී ස්වයං නිරෝධායනයේ යෙදෙන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා.

මෙම මාසය අවසන් වන තුරු එලෙස කාලය ගත කරන ලෙසටයි එරට රජය දැනුම් දී ඇත්තේ. කාම්බෝජය ද  සිය අලූත් අවුරුදු සැමරීම කල් දැමීමට පියවර ගෙන තිබෙනවා.

ලොව පුරා කොරෝනා වෛරසය ආසාදිත වූවන්ගේ සංඛ්‍යාව මේ වන විට මිලියන 1.5ට ආසන්න වී ඇති අතර, මිය ගිය සංඛ්‍යාව අසූ දෙදහස් අනුහයක්. සුවය ලැබුූවන්ගේ සංඛ්‍යාව අද ලක්ෂ තුන ඉක්මවා ගියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories