අගමැති සහ දේශපාලන පක්ෂ නායකයන් අතර සාකච්ඡාව ඇරඹේ

Wednesday, 08 April 2020 - 20:16

%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
කොරෝනා වෛරස් ව්‍යාප්තියත් සමඟ රට තුළ මේ වනවිට මතුව ඇති තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා රජය නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයන් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අතර විශේෂ සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී අද පස්වරුවේ ආරම්භවුණා.

ඒ සඳහා මහජන එක්සත් පෙරමුණේ නායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල ඇතුලූ පක්ෂ නායකයින් රැසක් එක්ව සිටින බවයි එහි සිටි අප වාර්තාකරු පැවසුවේ.

මෙහිදී ජනතාවට සහන සැළසිය යුතු ආකාරය සහ පවතින ඇඳිරි නීතිය ඉදිරියේදී ක්‍රියාත්මක විය යු ආකාරය පිළිබඳව සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස් පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීමට නියමිතයි.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ආණ්ඩුවේ හිටපු මන්ත්‍රීවරුන්  අතර තවත් සාකච්ඡාවක් ද අරලියගහ මන්දිරයේදී ආරම්භවීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories