රථ වාහන දඩ මුදල් තැපැල් කාර්යාල මගින් ගෙවීමට, සහන කාලයක් ලබාදීමට සැලසුම්

Wednesday, 08 April 2020 - 22:37

%E0%B6%BB%E0%B6%AE+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%AF%E0%B6%A9+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%90%E0%B6%B4%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD+%E0%B6%B8%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7%2C+%E0%B7%83%E0%B7%84%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A
රථ වාහන දඩ මුදල් තැපැල් කාර්යාල මගින් ගෙවීම සඳහා සහන කාලයක් ලබාදීමට ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා.

පොලිසිය විසින් මාර්තු මස පළමුවන දින හෝ එම දිනයෙන් පසු නිකුත් කර ඇති ස්ථානීය දඩ පත්‍රිකා සඳහා මෙය අදාළ වනු ඇති.

එම දඩ පත්‍රිකා දින 14 ඉක්මවීම සම්බන්ධයෙන් කිසිදු අතිරේක දඩ මුදලක් අය නොකර ගෙවීම සඳහා සාමාන්‍ය රාජකාරී වෙනුවෙන් තැපැල් හා උප තැපැල් කාර්යාල විවෘත කිරීමෙන් පසු සහන කාලයක් ලබාදීමටයි තැපැල් දෙපාර්තමේන්තුව පොලිස් දෙපාර්තමේන්තුවේ ද එකඟතාව මත කටයුතු සම්පාදනය කර ඇත්තේ.

එමෙන්ම අතිරේක දඩ මුදල් ඉවත් කිරීමට ද පියවර ගන්නා බව නිවේදනයක් නිකුත් කරමින් තැපැල්පති රංජිත් ආරියරත්න ප්‍රකාශ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories