සුවය ලැබූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 47 දක්වා ඉහළට

Thursday, 09 April 2020 - 12:53

%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B6%BA+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%96+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+47+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
මෙරට කොරෝනා ආසාදනය වී සුවය ලැබූ සංඛ්‍යාව 47 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ පෙරවරු දහයේ සිට ගෙවුණු පැය 24 තුළ සුවය ලැබූ මුළු රෝගීන් සංඛ්‍යාව 5 ක්.

එම  රෝගීන් පස්දෙනාම ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටියදී සුවය ලබා පිටව ගිය බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.

එමෙන්ම කොරෝනා වෛරසය වැළඳී ඇති බවට සැක කරන රෝගීන් 242 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ දිවයිනේ රෝහල් 32ක ප්‍රතිකාර ලබනවා.

මේ වනවිට මෙරට කොරෝනා රෝගීන් ලෙස හඳුනාගෙන ඇති 189 දෙනාගෙන් අනූ දෙදෙනෙකු ප්‍රතිකාර ලබන්නේ ජාතික බෝවන රෝග විද්‍යායතනයේයි.

රෝගීන් විසි හත්දෙනෙකු මුල්ලේරියාව රෝහලේත්, 16 දෙනෙකු වැලිකන්ද මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා ඒකකය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

මේ අතර, මධ්‍යම පළාතේ සියලූම බලපත්‍ර හිමි මත්පැන් අලෙවිසැල්වලට මුද්‍රා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

මධ්‍යම පළාත් සහකාර සුරාබදු කොමසාරිස් උපුල් සෙනෙවිරත්න කියා සිටියේ ඇඳිරි නීතිය පනවා ඇති අවස්ථාවල වැඩි මිලට මත්පැන් අලෙවි කිරීම ඇතුලූ බලපත්‍ර කොන්දේසි කඩකරන්නන් සම්බන්ධයෙන් තොරතුරු වැඩි වශයෙන් ලැබීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි.

ඒ අනුව මධ්‍යම පළාත තුළ මත්පැන් අලෙවිසැල් සහ ආපනශාලා 500 කට අධික ප්‍රමාණයකට මෙලෙස මුද්‍රා තබා තිබෙනවා.

එසේම තම බල ප්‍රදේශයට අයත් ගොවීන්ගේ අස්වැන්න අලෙවි කිරීමට නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සූදානම් වනවා.

කොවිඩ් - 19 වෛරසය පැතිර යාම වැළැක්වීම සඳහා ගොවින්ගෙන් එළවළු සහ පළතුරු මිලදී ගෙන අලෙවිකරුවන්ට බෙදාහැරීමට කටයුතු සූදානම් කර ඇති බවයි ප්‍රාදේශීය ලේකම් හර්ෂණ ජයසිරි සඳහන් කළේ.

වට්ටක්කා කිලෝ 30,000 ක්, වම්බටු කිලෝ 300 ක්, පැණි දොඩම් 5,000 ක්, ඉඟුරු කිලෝ 125 ක් ඇතුලූ එළවළු සහ පළතුරු රැසක් මෙලෙස ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ගොවීන්ගෙන් මිලදි ගෙන ඇති අතර, එය මිලදී ගැනීමට අවශ්‍ය වන්නේ නම් 032 20 52 973 දුරකථන අංකය අමතන ලෙස ඔහු ඉල්ලීමක් කරනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories