හිරු සහන යාත්‍රාව අදත් කොළඹ සහ ගම්පහ - (වීඩියෝ සහ ඡායාරූප)

Friday, 10 April 2020 - 7:44

%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B7%84%E0%B6%B1+%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B7%83%E0%B7%84+%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%84+-+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D+%E0%B7%83%E0%B7%84+%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
කොරෝනා වෛරසය ව්‍යාප්තවීමත් සමඟ දැඩි දුෂ්කරතා මැද, සරණක් අවැසිව සිටින අපේම ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක “රට වෙනුවෙන් හිරු” සහන යාත්‍රා ක්‍රියාන්විතය කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් අද දිනයේත් ක්‍රියාත්මක වනවා.

මේ වනවිට ගම්, නගර සිසාරා සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතින හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය හා එල්.ඕ.එල්.සී සමාගම අත්වැල් බැඳ ගත්තේ හිරුගේ ක්‍රියාන්විතයට තවත් ශක්තියක් වෙමින්.

රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය දියත් වන්නේ හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් මතයි.

එහි ප්‍රධාන මෙහෙයුම් කටයුතු කොටුව ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ 35 සහ 37 මහල්වල පිහිටි හිරු මාධ්‍ය ජාල මූලස්ථානයේ සිට සිදු කෙරෙන අතර, සියලු බෙදාහැරීම් සිදු කෙරෙන්නේ පැලවත්ත හිරු ලයිෆ් මැදිරි සංකීර්ණයේ සිටයි.

පන්සලේ, පල්ලියේ, කෝවිලේ, පුදබිමේ වැඩ සිටින අති පූජනීය මහා සංඝරත්නය ප්‍රධාන පූජකවරුන්ගේත්, ළමා නිවාසවල රැඳී සිටින දූ දරුවන්ගේත්, වැඩිහිටි නිවාසවල තනි වූ වැඩිහිටියන්ගේත් ඕනෑ එපාකම් සපුරාලීම වෙනුවෙන් මෙවර හිරු පෙරමුණ ගෙන සිටිනවා.

මේ අතර, කොරෝනා වෛරසය ආසාදනය වීමේ වැඩි අවදානමක් ඇති වැඩිහිටියන් ඉන් ආරක්ෂා කර ගැනීම සඳහා හිරු මාධ්‍ය ජාලය ආරම්භ කළ වැඩිහිටි නිවාස විෂබීජහරණය කිරීමේ තවත් අදියරක් ඊයේ පොකුණුවිට - විජයමාන්න වැඩිහිටි නිවාසය සහ පාදුක්ක - දීගායු වැඩිහිටි නිවාසය කේන්ද්‍ර කර ගනිමින් සිදුකෙරුණා.

මෙම සම්පූර්ණ ක්‍රියාවලියම වෘත්තීමය සේවාවන් සපයන පුද්ගලයන් යොදාගෙන නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රම උපයෝගී කර ගනිමින් ක්‍රියාත්මක වීම විශේෂත්වයක්.

077 303 59 30 දුරකතන අංකය ඇමතීමෙන් අවශ්‍යතාවය ඇති වැඩිහිටි නිවාස වෙත මෙම සේවාව සපයා ගත හැකියි.

එමෙන්ම, හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයට සමගාමීව හිරු මාධ්‍ය ජාලය ශ්‍රී ලංකා රතු කුරුස සමාජය හා එක්ව ක්‍රියාත්මක කරන පොදු ස්ථාන විෂබීජහරණය කිරීමේ වැඩසටහන තවත් පුළුල් කරමින් අද දිනයේදී පිටකොටුව, බ්ලූමැන්ඩල්, කොටුව, මාලිගාවත්ත සහ කෙසෙල්වත්ත යන පොලිස් ස්ථාන විෂබීජහරණය කිරීමට නියමිතයි.

ඊයේ දිනයේදී මොරගහහේන, හොරණ, ඉංගිරිය, බුලත්සිංහල සහ අගලවත්ත යන පොලිස් ස්ථානවල විෂබීජහරණ කටයුතු සිදුකෙරුණා.

ඔබේ ජීවිතය සහ ආරක්ෂාව අපේ වගකීමක්. මේ දුෂ්කර මොහොතේ අපි ඔබව තනි නොකර ඔබ වෙනුවෙන්ම කැපවන්නේ ඔබේ සුව සහනය වෙනුවෙන්මයි.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories