ගෝලීය වසංගතයට එරෙහිව එක්වන්න - ජගත් මහලේකම් ආරක්ෂක මණ්ඩලයෙන් ඉල්ලයි

Friday, 10 April 2020 - 8:23

%E0%B6%9C%E0%B7%9D%E0%B6%BD%E0%B7%93%E0%B6%BA+%E0%B7%80%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-+%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
කොරෝනා වෛරස් ගෝලීය වසංගතය සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡාවලදී ඒකමතිකභාවයකින් කටයුතු කරන ලෙස ජගත් සංවිධාන මහලේකම් අන්තෝනියෝ ගුටේරස් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඔහු හැදින්වූයේ මෙය නූතන මිනිස් සංහතියේ සංග්‍රාමයක් ලෙසයි.

කොරෝනා වෛරස් ගෝලීය වසංගතයට මුහුණ දෙන ආකාරය ලෝකයේ සාමය සහ ආරක්ෂාව සඳහා ද බලපෑම් ඇති කරන බව ජගත් මහලේකම්වරයා පෙන්වා දෙනවා.

මහ බලවතුන් 5 දෙනා ඇතුළු එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයන් 15 දෙනා මේ වන විට රැස්වීම් වාර පවත්වන්නේ වීඩියෝ සංවාද මාර්ගයෙන්.

ජගත් මහලේකම්වරයා වැඩිදුරටත් සදහන් කළේ ගෝලීය වසංගතයෙන් මිදීමට නම් එක්ව සහෝදරත්වයෙන් කටයුතු කිරීම අතිශයෙන් වැදගත් වන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories