කොවිඩ් 19 වසංගතයට මුහුණදීමට ශ්‍රී ලාංකිකයන්ගේ නව නිපැයුම්

Friday, 10 April 2020 - 22:29

%E0%B6%9A%E0%B7%9C%E0%B7%80%E0%B7%92%E0%B6%A9%E0%B7%8A+19+%E0%B7%80%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B7%80+%E0%B6%B1%E0%B7%92%E0%B6%B4%E0%B7%90%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B7%8A
ලොවම පුරා ශීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් 19 වසංගතයට මුහුණදීමට ශ්‍රී ලාංකිකයන් විසින් දිනෙන් දින නව සොයාගැනීම් සම්බන්ධයෙන් අවධානය යොමුකරමින් සිටිනවා.

කොවිඩ් 19 වෛරසය වැළඳීමෙන් හදවත අකර්මන්‍ය වූ රෝගීන්ට ලබා දෙන පපු තෙරපීම මේ වන විට සිදු කරන්නේ වෛද්‍යවරුන් විසින් වන අතර එම පපු තෙරපීම ලබා දීම සඳහා නව යන්ත්‍රයක් හඳුන්ව දීමට සීදූව ප්‍රදේශයේ පදිංචි ඩිල්ෂාන් අබේවර්ධන සමත් වී තිබෙනවා.

කොළඹ වෛද්‍ය පීඨයේ අවසන් වසරේ අධ්‍යාපනය ලබන ඩිල්ෂාන් අබේවර්ධන වෛද්‍ය සිසුවා පෙන්වා දෙන්නේ මෙම යන්ත්‍රය මගින් රෝගියා හා වෛද්‍යවරයා අතර පරතරය නිසිලෙස පවත්වාගෙන යෑමට හැකි වන බවයි.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අනුබද්ධිත ශ්‍රී ලංකා සෞඛ්‍ය පර්යේෂණ හා නවෝත්පාදන සංගමය සහ කොවිඩ් 19 වෛරසයට එරෙහි ජනාධිපති පර්යේෂණ බලකායේ පර්යේෂණ සංවර්ධන ඒකකය ඒකාබද්ධව නවෝත්පාදන කිහිපයක් අද හඳුන්වා දුන්නා.

රජයේ වෛද්‍ය නිලධාරි සංගම් ශාලාවේ පැවති මෙම වැඩසටහන සඳහා නව නිපැයුම් 30ක් ඉදිරිපත් කර තිබුණා.

ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන ජල කරාමයක් හඳුන්වාදීමට වෙන්නප්පුව ශාන්ත ජෝෂප් වාස් විද්‍යාලයේ දිනුත් චාමිකර සිසුවා සමත් වී තිබෙනවා.

11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන මෙම සිසුවා විසින් නිර්මාණය කරන ලද මෙම ජල කරාමය අසලට යම් අයෙකු තම දෑත් ළං කළ විට එය ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වීම විශේෂත්වයක්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories