මාලදිවයිනේ පළමු කොරෝනා මරණය වාර්තා වෙයි

Thursday, 30 April 2020 - 11:01

%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
මාලදිවයිනෙන් පළමු කොරෝනා මරණය ඊයේ වාර්තාවුණා.

එලෙස මියගොස් ඇත්තේ මාලේ අගනුවර වාසය කළ 83 හැවිරිදි වියේ පසුවන කාන්තාවක් බවයි එරට සෞඛ්‍ය අමාත්‍ය අබ්දුල්ලා අමීන් ප්‍රකාශ කළේ.

මාලදිවයිනෙන් මේ වනවිට කොරෝනා ආසාදිතයන් 280 ක් වාර්තාවන අතර, සුවය ලැබූ සංඛ්‍යාව 17 ක්.

එමෙන්ම කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමඟ ජපානයට දැනට ක්‍රියාත්මක හදිසි තත්ත්වය තවදුරටත් දීර්ඝ කිරීම කෙරෙහි අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේගේ අවධානය යොමුව තිබෙනවා.

පවතින තත්ත්වය හමුවේ මැයි මස 6 වනදා දක්වා එරට තුළ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

ජපානයෙන් මේ වනවිට කොරෝනා ආසාදිතයන් 13,965 දෙනෙකු වාර්තාවන අතර,වෛරසය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 425ක්.

කොරෝනා වෛරසයේ තිඹිරි ගෙය වූ චීනය නව එන්නතක් හඳුන්වාදීමට කටයුතු කරමින් සිටින බව වාර්තාවනවා. එය මේ වනවිට පර්යේෂණ මට්ටමේ පවතින අතර, තවත් කෙටි කාලයක් තුළ එය කොරෝනා ආසාදිතයන් සඳහා යොදාගත හැකි බවයි චීන පර්යේෂණ කණ්ඩායම විශ්වාසය පළ කළේ.

දකුණු  කොරියාවටද මෙම වෛරසයෙන් පසුගිය කාලසීමාව තුළ දරුණු බලපෑමක් එල්ල වූ  නමුත් මේ වනවිට එම අවදානම පහව යමින් පවතින බවයි වාර්තා වන්නේ.

පුද්ගල සංචරණය සීමා වූ ඇතැම් ප්‍රදේශවල එම සීමාවන් ඉවත් කර ඇති අතර සෝල් අගනුවර හැං ගංඟාව අසබඩ පිහිටි ජාතික උද්‍යානයට මේ දිනවල ජනතාව ඇදී එන බවත් එහි සරුංගල් සැණකෙලියක්ද පවත්වන බවත් වාර්තා වනවා.

මේ අතර ලොව පුරා කොරෝනා ආසාදිතයන් තිස් දෙලක්ෂ විසි දහස ඉක්මවා ඇති අතර, දෙලක්ෂ 28,236 දෙනෙකු වෛරසය ආසාදනය වීමෙන් මියගොස් තිබෙනවා.






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories