නව වාරය ආරම්භයේදී පාසල් කිහිපයක උද්ඝෝෂණ.

Wednesday, 02 January 2013 - 12:57

%E0%B6%B1%E0%B7%80+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%86%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B7%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A+%E0%B6%8B%E0%B6%AF%E0%B7%8A%E0%B6%9D%E0%B7%9D%E0%B7%82%E0%B6%AB.

විවිධ හේතූන් මුල්කරගෙන දිවයිනේ පාසල් කිහිපයක් ඉදිරිපිට අද (02) පෙරවරුවේ දෙමව්පියන් උද්ඝෝෂණවල නිරත වුණා. වරාපිටිය - බණ්ඩාරණායක ජාතික පාසල ඉදිරිපිට දෙමව්පියන් සිදුකළ විරෝධතාවයක් හේතුවෙන් අවහිර වී තිබූ මහියංගනය - මහනුවර ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු යථා තත්ත්වයට පත්ව තිබෙනවා. එම විද්‍යාලයේ සිසුන්ගේ දෙමව්පියන් විරෝධතාවයේ නිරත වුණේ එහි ප්‍රාථමික අංශය වෙනත් ස්ථානයකට රැගෙනයාමට විරෝධය පළ කරමින්. ඊට එක්වු දෙමව්පියන් කිහිප දෙනෙකු හිරු ප්‍රවෘත්ති අංශය මෙලෙස අදහස් පළ කළා.

[MP3]s50661_1[/MP3]

එමෙන්ම, හලාවත - කොස්වාඩිය සරස්වතී මහා විද්‍යාලය ඉදිරිපිට පැවැත්වෙන උද්ඝෝෂණයක් හේතුවෙන් අවහිර වූ හලාවත - කොළඹ ප්‍රධාන මාර්ගය විවෘත කර තිබෙනවා. මෙම උද්ඝෝෂණය හේතුවෙන් පැය 03 ක පමණ කාලයක් එම මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වුණා. එම විදුහලේ ශ්‍රේණි සංඛ්‍යාව අඩු කිරීමට විරෝධය පළ කරමින් එම විද්‍යාලය ඉදිරිපිට දෙමව්පියන් පිරිසක් උද්ඝෝෂණයක නිරත වීම ඊට හේතුවයි. ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරන හිරු ප්‍රාදේශීය වාර්තාකරු ප්‍රසාද් පූර්ණිමාල්.

[MP3]s50661_2[/MP3]

වැලිගම මුස්ලිම් ජාතික පාසලේ විදුහල්පතිවරියගේ ක්‍රියාකලාපයට එරෙහිවද අද පෙරවරුවේ එම විද්‍යාලය ඉදිරිපිට ද දෙමව්පියන් පිරිසක් උද්ඝෝෂණයක නිරත වුණා. විරෝධතාවයට එක්වූ පියෙකු ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.

[JPG]s42408_1[/JPG]

[JPG]s42408_2[/JPG]

[JPG]s42408_3[/JPG]

[JPG]s42408_4[/JPG]

[JPG]s42408_5[/JPG]

[JPG]s42408_6[/JPG]

[JPG]s42408_7[/JPG]

[JPG]s42408_8[/JPG]

[JPG]s42408_9[/JPG]

[JPG]s42408_10[/JPG]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories