ක්ලොක්සිසිලින් ප්‍රතිජීවක ඖෂධ තොගයම භාවිතයෙන් ඉවතට.

Wednesday, 02 January 2013 - 19:08

%E0%B6%9A%E0%B7%8A%E0%B6%BD%E0%B7%9C%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B6%9A+%E0%B6%96%E0%B7%82%E0%B6%B0+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA%E0%B6%B8+%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B6%A7.

කළුබෝවිල රෝහලේදී වීදුරු කැබැල්ලක් හමුවූ එන්නත් කුප්පිය අයත් ක්ලොක්සිසිලින් ප්‍රතිජීවක ඖෂධ තොගයම ශ්‍රී ලංකාව තුළ භාවිතයෙන් ඉවත් කිරීමට අද තීරණය කෙරුණා. සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ විෂයභාර අමාත්‍යවරයා ජාතික විලවුන් උපකරණ හා ඖෂධ අධිකාරියට අද දහවල් මේ සම්බන්ධයෙන් උපදෙස් දුන් බවයි.

කළුබෝවිල ශික්ෂණ රෝහලේ ක්ලොක්සිසිලින් නැමති ප්‍රතිජීවක ඖෂධ කුප්පියක වීදුරු කැබැල්ලක් තිබී හමුවූයේ පසුගිය සිකුරාදායි. සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ ඉන්දියාවේ බයෝකෙම් ෆාමසියුටිකල් නැමති ඖෂධ සමාගම එම ඖෂධය නිපදවන බවයි. මීට පෙරද මෙලෙස ප්‍රමිතියෙන් තොර ඖෂධ මෙරටට එවූ ඉන්දීය සමාගම් දෙකක් අසාදු ලේඛනගත කිරීමට කටයුතු කළා. නැවත වරක් ඉන්දීය සමාගමක් විසින් මෙලෙස ප්‍රමිතියෙන් තොර ඖෂධ මෙරටට යොමුකිරීම සම්බන්ධයෙන් ඉන්දීය රජය දැනුවත් කිරීමටද සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යවරයා ලබාදුන් උපදෙස්වලට අනුව ක්ලොක්සිසිලින් ප්‍රතිජීවක ඖෂධ තොගය රජයේ රෝහල් හා ඊට අනුබද්ධ සියලූ ආයතනවල භාවිතයෙන් ඉවත් කිරීමට අදාළ චක්‍රලේඛය හෙට (03) නිකුත් කිරීමට නියමිතයි. ඒ පිළිබඳ පැහැදිළි කළ වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය කමල් ජයසිංහ.

[MP3]s50683[/MP3]
 
පසුගිය 2012 වසරේ පමණක් බාල ඖෂධ මෙරටට ගෙන්වූ අවස්ථා 60 කට අධික ප්‍රමාණයක් වාර්තා වුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories