ආණ්ඩුව සහ UNP පාර්ලිමේන්තුවේ. JVP සහ TNA අධිකරණයේ.

Wednesday, 02 January 2013 - 19:23

%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B7%83%E0%B7%84+UNP+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%9A.+JVP+%E0%B7%83%E0%B7%84+TNA++%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A.

අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය විභාග කළ  තේරීම් කාරක සභාවේ වාර්තාව පිළිබඳ කථාබහ අද වනවිට නවතම අදියරයකට පැමිණ තිබෙනවා. ඒ, අගවිනිසුරුවරිය අභියාචනාධිකරණයේ පැවරූ නඩුවේ නොතීසි ලැබුණු ජනතා විමුක්ති පෙරමුණේ සහ දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරුන් දෙදෙනා අධිකරණයේ පෙනී සිටීමට තීරණය කිරීමත් සමගයි. එහෙත් එක්සත් ජාතික පක්ෂයේ සහ ආණ්ඩුවේ නියෝජිතයන් අධිකරණයේ පෙනී නොසිටීමටයි තීරණය කර ඇත්තේ.

හෙට දිනයේ අභියාචනාධිකරණයේ පෙනී සිටින ලෙස දන්වමින් කථානායකවරයා, පාර්ලිමේන්තු මහ ලේකම්වරයා සහ තේරීම් කාරක සභා නියෝජිතයන්ට නොතීසි නිකුත් කෙරුණේ පසුගිය දෙසැම්බර් 21 වැනිදායි. ඒ අභියාචනාධිකරණ සභාපති ශ්‍රී ස්කන්ධරාජා, අනිල් ගුණරත්න සහ ඒ.ඩබිලිව්.ඒ. සලාම් යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අගවිනිසුරුවරියගේ පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදියි.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී තම පක්ෂයේ ස්ථාවරය පැහැදිළි කළ එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක.

[MP3]s50685_1[/MP3]                 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද අද මාධ්‍ය හමුවක් කැඳවා තිබූ අතර ඊට එක්වූ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ආණ්ඩුවේ ස්ථාවරය පැහැදිළි කළා.

[MP3]s50685_2[/MP3]              

එහෙත් දෙමළ ජාතික සන්ධානයේ තේරීම් කාරක සභා නියෝජිතයා වන ආර්. සම්බන්ධන් වෙනුවෙන් තමන් හෙට අධිකරණය ඉදිරියේ පෙනී සිටින බවයි එම්. ඒ. සුමන්දිරන් මන්ත්‍රීවරයා පැවසුවේ.       

[MP3]s50685_3[/MP3]           

ජනතා විමුක්ති පෙරමුණ අද (02) පැවැත්වූ මාධ්‍ය හමුවේදී අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා කියා සිටියේ තේරීම් කාරක සභාවේ තම නියෝජිතයා වන විජිත හේරත් මන්ත්‍රීවරයා හෙට අභියාචනාධිකරණයේ පෙනී සිටින බවයි.


[MP3]s50685_4[/MP3]       

කෙසේ වෙතත් මේ මස 10 සහ 11 යන දිනවල මෙම තේරීම් කාරක සභා වාර්තාව පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories