මට්ටක්කුලියේ කාන්තාවක් සිරුරට ගිනි තබා ගනී.

Thursday, 03 January 2013 - 12:55

%E0%B6%B8%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%AD%E0%B6%B6%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93.



මට්ටක්කුලිය - රජමල්වත්ත පාර ප්‍රදේශයේදී දමිළ කාන්තාවක් සිරුරට ගිනි තබා ගෙන සිය දිවිහානි කර ගෙන තිබෙනවා. අද පෙරවරුවේ මට්ටමක්කුලිය පොලිසියට ලැබුණු තොරතුරකට අනුව රජමල්වත්ත  පාර ප්‍රදේශයේ නිවසකට ගොස් සොයා බැලීමක් සිදුකර ඇති බව සඳහන්. එහිදී සිරුරට ගිනි තබා ගත් කාන්තාවගේ මළ සිරුර හමුවී ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රාමසාමි යෝගලක්ෂ්මි නමැති 46 හැවිරිදි කාන්තාවක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා. මෙම කාන්තාව රජමල්වත්ත ප්‍රදේශයේ පිහිටි දෙමහල් නිවසක සිය මව සහ පියා සමඟ පදිංචිව සිට ඇති බවයි පැවසෙන්නේ. අද පෙරවරුවේ දෙමව්පියන් උඩුමහලේ සිටින අතරතුර මෙම කාන්තාව පහළමහළට පැමිණ මුළුතැන්ගෙට ගොස් භූමිතෙල් සිරුරට වත් කර සිරුරට ගිනි තබාගෙන මෙලෙස සියදිවි හානි කර ගෙන ඇති බව පොලිසිය ප්‍රකාශ කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories