තෙල් සංස්ථාවට පසුගිය වසරේ බිලියන 90 කට අධික පාඩුවක්.

Thursday, 03 January 2013 - 12:58

%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%83%E0%B7%94%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B7%9A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+90+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.

ඉන්ධන මිල කිහිපවරක් ඉහළ දැමුව ද පසුගිය වසරේදී ඛනිඡ තෙල් නීතිගත සංස්ථාව රුපියල් බිලියන 95 ක පමණ අලාභයක් ලබා ඇතැයි එහි කළමණාකරණ අධ්‍යක්ෂ සුසන්ත ද සිල්වා පවසනවා. ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළ යාම මීට හේතු වූ බවයි ඔහු ප්‍රකාශ කළේ. මේ අතර ජනවාරි පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඛනිඡ තෙල් නීතිගත සංස්ථාව විසින් ලංකා විදුලිබල මණ්ඩලයට ලබා දෙන දැවි තෙල් ලීටරයක මිල රුපියල් 25 කින් ඉහළ දමා තිබෙනවා. දීර්ඝ කාලයක් තිස්සේ විදුලිබල මණ්ඩලයට පාඩු සහිතව දැවි තෙල් ලබාදුන් නමුත්, එම අලාභය ඉහළ යාම නිසා මිල ඉහළ දැමීමට සිදුවූ බවයි ඛනිඡ තෙල් නීතිගත සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂ සුසන්ත ද සිල්වා පැවසුවේ.

[MP3]s50726_1[/MP3]

පසුගිය වසරේ දෙසැම්බර් 14 වැනිදා පෙට්‍රල් ලීටරයක මිල ද රුපියල් 10 කින් ඉහළ දැමීමටයි ඛනිඡ තෙල් සංස්ථාව පියවර ගත්තේ. කෙසේ වෙතත්, ඞීසල් අලෙවි කිරීමෙන් ද ඛනිඡ තෙල් සංස්ථාව විශාල අලාභයක් ලබන නමුත්, ඞීසල් මිල ඉහළ දැමීමට අපේක්ෂා නොකරන බව කළමණාකාර අධ්‍යක්ෂවරයා සඳහන් කළා.   

[MP3]s50726_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories