මන්ත්‍රීවරයෙකුට පාර්ලිමේන්තුවේ අවසරයකින් තොරව සාක්ෂි දිය නොහැකිලූ.

Thursday, 03 January 2013 - 13:00

%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B7%80+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%9C%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%96.

පාර්ලිමේන්තු කාරක සභාවක කටයුතු පිළිබඳව සාක්ෂිදීමට කිසියම් මන්ත්‍රීවරයෙකු අධිකරණයට යන්නේ නම් එය පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ 17 වන වගන්තිය උල්ලංඝනය කිරීමක් බව නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි පවසනවා. යම් මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තු කටයුත්තක් පිළිබඳව අධිකරණය හමුවේ සාක්ෂි ලබා දීමට පෙර පාර්ලිමේන්තුවෙන් විශේෂ අවසරයක් ලබාගත යුතු බව ද නියෝජ්‍ය කථානායකවරයා කියා සිටියා. එසේ නොවන අවස්ථාවක එවැනි මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අපහාස කිරීම පිළිබඳව දෝෂදර්ශනයට ලක් කිරීමේ යෝජනාවක් ගෙන ඒමට හැකියාව ඇති බවයි නියෝජ්‍ය කථානායකවරයා පෙන්වා දුන්නේ.

[MP3]s50727_1[/MP3]

කෙසේ වෙතත් හිරු ප්‍රවෘත්ති අංශය මේ පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නීතීඥ සුනිල් වටගලගෙන් විමසීමක් කළා.

[MP3]s50727_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories