ස්ථාවර නියෝග නීතියක් නොවේ. - ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය අභියාචනාධිකරණය කියයි.

Thursday, 03 January 2013 - 13:10

%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B6%BB+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%9A.+-+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B6%AD%E0%B6%BA+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%A0%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

විනිසුරුවරයෙකුට එරෙහිව තීරණවලට එළඹීමට දෝෂාභියෝග පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවට නීතිමය බලයක් නොමැති බව අභියාචනාධිකරණය අද ප්‍රකාශ කළා. ඒ අගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක දෝෂාභියෝග පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවට එරෙහිව ගොනුකළ පෙත්සම සලකා බලමින්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අර්ථ නිරූපණය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අද අභියාචනාධිකරණය ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේ අගවිනිසුරුවරියට එරෙහි තේරීම්කාරක සභාව පත් කර ඇත්තේ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග මත බවයි. එය නීතියක් මත පදනම්ව පත් කර නොමැති බව ද අභියාචනාධිකරණය අද ප්‍රකාශ කළා. මේ නිසා පාර්ලිමේන්තුවේ සම්මත කළ නීතියක් මත පමණක් විනිසුරුවරියකට එරෙහිව තීරණවලට එළඹිය හැකි බව ද අභියාචනාධිකරණය ප්‍රකාශ කර තිබෙනවා.

අගවිනිසුරුවරියට එරෙහි තේරීම්කාරක සභාවට නෛතික පදනමක් නොමැති බව  අභියාචනාධිකරණය ප්‍රකාශ කළේ යැයි අගවිනිසුරුවරිය වෙනුවෙන් පෙනී සිටින නීතීඥ සාලිය පීරිස් සඳහන් කළේ.

[MP3]s50728[/MP3]

මෙම පෙත්සම විභාග කරන අද දිනයේදී කථානායකවරයා, පාර්ලිමේන්තු මහ ලේකම්වරයා හා තේරීම් කාරක සභාවේ නියෝජිතයන්ට අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ඉකුත් දෙසැම්බර් 21 වැනිදා නොතීසි නිකුත් කෙරුණා.

කෙසේ වෙතත් කථානායකවරයා හෝ ආණ්ඩුව නියෝජනය කළ තේරීම් කාරක සභාවේ සාමාජිකයන් 7 දෙනා සහ එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් දෙදෙනා අද අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ. නමුත් ජනතා විමුක්ති පෙරමුණේ නියෝජනය කරමින් පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවේ කටයුතු කළ විජිත හේරත් මන්ත්‍රීවරයා සහ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් වෙනුවට එම්.ඒ.සුමන්දිරන් මන්ත්‍රීවරයා ද අධිකරණය හමුවේ පෙනී සිටියා. කෙසේ වෙතත්, එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් වන කරූ ජයසූරිය, දයාසිරි ජයසේකර, නීතීඥ අජිත් පී. පෙරේරා සහ පාලිත රංගේබණ්ඩාර යන මන්ත්‍රීවරුන් අධිකරණ භූමියට පැමිණ සිටින බවයි එහි සිටින ෂා වාර්තාකරු සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories