රිසානා නෆීක්ට ළඟදීම නිදහස.

Friday, 04 January 2013 - 7:46

%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B1%E0%B7%86%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B6%A7+%E0%B7%85%E0%B6%9F%E0%B6%AF%E0%B7%93%E0%B6%B8+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83.

සවුදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින රිසානා නෆීක්ට ළඟඳීම නිදහස ලබා ශ්‍රී ලංකාවට පැමිණීමේ හැකියාව පවතින බව මෙරට සවුදි තානාපති අබ්දුල් අසීස් අල් ජමීමාස් පවසනවා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සවුදි රජු අබ්දුල්ලා බින් අබ්දුල්ලා අසීස්ගෙන් කරන ලද ඉල්ලීම සහ අනෙකුත් නීතිමය කරුණු සැලකිල්ලට ගනිමින් මෙම නිදහස් කිරීම සිදුකරනු ඇති බවටයි ඔහු ප්‍රකාශ කළේ. මුස්ලිම් කොංග්‍රසයේ නායක සහ අධිකරණ අමාත්‍ය රාවුෆ් හකීම් ඊයේ පස්වරුවේ අධිකරණ අමාත්‍යාංශයේදී තානාපතිවරයා හමුවුණා. එහිදී රිසානා නෆීක් නිදහස් කර ගැනීම සඳහා ජනාධිපතිවරයා කර ඇති ඉල්ලීම  හා ඒ සඳහා ඇති ලියකියවිලි උපයෝගී කරගත හැකිද යන්න අමාත්‍යවරයා තානාපතිවරයාගෙන් ප්‍රශ්න කළ අතර ඊට පිළිතුරු ලබාදෙමිනුයි ඔහු මෙම අදහස පළ කර ඇත්තේ.

 

රිසානා නෆීක් නිදහස් කිරීම පිළිබඳව සවුදි රජතුමාගේ උපදෙස් පරිදි රියාද් ආණ්ඩුකාරවරයා ඇය අතින් කිරි සිරවී මරණයට පත්වු දරුවාගේ ඥාතීන් සමඟ සාකච්ජා ආරම්භ කර ඇති බවයි තානාපතිවරයා ප්‍රකාශ කළේ. රිසානා නෆීක්ව නිවසක ගෘහසේවයට යැයි පවසා විදේශගත කළද ඇයව දරුවන් බලා ගැනීම සඳහා යොමුකර ඇති බැවින් මෙම කරුණු ලියකියවිලි සහිතව පෙන්වාදීම ඇයව නිදහස් කර ගැනීම සඳහා පහසුවක් වනු ඇති බවද ඔහු ප්‍රකාශ කළා. මේ වනවිට රිසානා නෆීක් නැමැති බාලවයස්කාර දැරිය වැඩි වයසක් පෙන්වා විදේශගත කරනු ලැබූ රැකියා නියෝජිතවරයාට එරෙහිව රජය නීතිමය පියවර ගෙන එහි තීන්දුවද ප්‍රකාශයට පත්කර ඇති බව අධිකරණ අමාත්‍යවරයා මෙම සාකච්ජාවේදී පෙන්වා දුන්නා.

 

මේ අතර, දෙරට අතර සිරකරුවන් හුවමාරු කර ගැනීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ජා කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories