කතරගමට, නෑගම්පහට කහ වැසි, නානුඔයට රතු වැස්සක්.

Friday, 04 January 2013 - 12:55

%E0%B6%9A%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%B8%E0%B6%A7%2C+%E0%B6%B1%E0%B7%91%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%84%E0%B6%A7+%E0%B6%9A%E0%B7%84+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92%2C+%E0%B6%B1%E0%B7%8F%E0%B6%B1%E0%B7%94%E0%B6%94%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BB%E0%B6%AD%E0%B7%94+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%9A%E0%B7%8A.

දිවයිනේ ප්‍රදේශ 03 කට යළිත් රතු සහ කහ වැසි ඇද හැලී තිබෙනවා. ඊයේ (03) පස්වරු 3.30 ට පමණ කතරගම - පෙරගිරිගම ප්‍රදේශයට කහ වැස්සක් ඇද හැලී ඇති බව ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළා. ඒ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට වැඩිදුරටත් කරුණු දැක්වු කතරගම - පෙරගිරිගම ප්‍රදේශවාසීන් කිහිප දෙනෙක්.

 
[MP3]s50806_1[/MP3]

 

මේ අතර, අනුරාධපුර - නෑගම්පහ - කඹුක්කන්වැව ප්‍රදේශයටද අද (04) අළුයම කහ වැස්සක් ඇද හැළුණු බව වාර්තා වුණා.

 

මීට පෙර හැටන්, රඹෑව, ගලෙන්බිඳුණුවැව, වැලිකන්ද, ත්‍රිකුණාමලය, මින්නේරිය ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයකින්ද මෙලෙස කහවැසි පතිත වීමේ සිද්ධීන් වාර්තා වුණා. එම කහ වැස්සෙහි ජල සාම්පල වෛද්‍ය පර්යේෂණායතනය වෙතද යොමුකර තිබෙනවා. මේ අතර, නානුඔය - එවොකාවත්ත ප්‍රදේශයට අද (04) පෙරවරු 09 ට පමණ රතු වැස්සක් ඇද හැලී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළ ප්‍රදේශවාසීන් කිහිප දෙනෙක්.

 

[MP3]s50806_2[/MP3]

 

මෙරටින් පළමු වරට රතු වැස්සක් වාර්තා වුණේ පසුගිය නොවැම්බර් මස 14 වැනිදායී.  ඒ, සෙවනගල ප්‍රදේශයන්. ඉන් අනතුරුව දිවයිනේ තණමල්විල, මනම්පිටිය, හිඟුරක්ගොඩ, පුත්තලම ප්‍රදේශවලටද රතු වැසි ඇද හැලීමේ සිද්ධීන් වාර්තා වුණා. මූලික පරීක්ෂණවලදී හෙළි වූයේ එම රතු වැස්සෙහි ටෙ‍්‍රකොලමනාස් නම් ක්ෂුද්‍ර ජීවි වර්ගය සිටින බවටයි. අනතුරුව වැඩිදුර පරීක්ෂණ සඳහා මෙම රතු වැස්සෙහි ජල සාම්පල එංගලන්තයේ කාඩිෆ් විශ්වවිද්‍යාලය වෙතද යොමු කළා. ඊයේ සහ අද පෙරවරුවේ ඇදහැළුණු මෙම රතු වැස්සේ සහ කහ වැස්සේ ජල සාම්පලද කඩිනමින් වෛද්‍ය පර්යේෂණායතනය වෙත ගෙන්වා ගැනීමට කටයුතු කරන බවයි එහි අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් සමරනායක සඳහන් කළේ. ඉන් අනතුරුව ඒ සම්බන්ධයෙන්ද පරීක්ෂණ කටයුතු ආරම්භ කරන බව අධ්‍යක්ෂවරයා කියා සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories