රජයේ වෙබ් අඩවිවලට අනතුරු ඇඟවීමක්.

Friday, 04 January 2013 - 18:44

%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%B6%E0%B7%8A+%E0%B6%85%E0%B6%A9%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%87%E0%B6%9F%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.



ශ්‍රී ලංකාවේ සියලූම රජයේ වෙබ් අඩවිවල ආරක්ෂාව පිළිබද අවධානයෙන් සිටින ලෙස දැනුම්දීමක් කර ඇතැයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංවිධානය පවසනවා. ප්‍රසිද්ධ රජයේ වෙබ් අඩවියක් විකෘති කිරීමකට ලක් කර ඇති බවට අද (04) පෙරවරුවේ සිය සංවිධානය වෙත පැමිණිල්ලක් ලැබුණු බවයි එම සංවිධානයේ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු රොශාන් චන්ද්‍රගුප්ත සඳහන් කළේ. ඉන් අනතුරුව ඒ සම්බන්ධයෙන් විශේෂ සොයා බැලීමක් සිදුකළ අතර, එහිදී රටින් පිටස්තර ස්ථානයක සිට මෙම වෙබ් අඩවිය විකෘති කර ඇති බවටයි අනාවරණය වී ඇත්තේ. ඒ අනුව රජයේ සියලූම වෙබ් අඩවිවල ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංවිධානය රජයේ සියලූ ආයතන වෙත දැනුම් දී තිබෙනවා.

 
[MP3]s50823[/MP3]                   



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories