මැතිසබේ මන්ත්‍රීවරුන්ට රට යන්න තහනමක් ?

Saturday, 05 January 2013 - 7:36

%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B6%B6%E0%B7%9A+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%BB%E0%B6%A7+%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%3F

ඉදිරි සතිය තුළ විදෙස් සංචාරවල නිරතවීමෙන් වළකින ලෙස ආණ්ඩු පක්ෂයේ සහ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට උපදෙස් ලැබී තිබෙනවා. දිවි නැගුම පනත් කෙටුම්පත සම්මත කර ගැනීම සහ අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය විවාදයට ගැනීම ඊට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ. විශේෂයෙන්ම දිවිනැගුම පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට තුනෙන් දෙකක විශේෂ බහුතරයක් අවශ්‍ය වීම මීට ප්‍රධානම හේතුව වී තිබෙනවා. ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට සහ අනෙකුත් මන්ත්‍රීවරුන්ට මෙලෙස විදෙස්ගතවීමෙන් වළකින ලෙස උපදෙස් දී ඇති බව ආණ්ඩු පක්ෂ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා. එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ද ඉදිරි සතිය තුළ විදෙස්ගතවීමෙන් වළකින ලෙස එම පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක සඳහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories