මඩකලපුවේ පළාත් පාලන ආයතන 9 ක ඡන්දය කල් යන ලකුණු.

Saturday, 05 January 2013 - 12:36

%E0%B6%B8%E0%B6%A9%E0%B6%9A%E0%B6%BD%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1+9+%E0%B6%9A+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94.

දැනට ක්‍රියාකාරී තත්ත්වයේ නොමැති දේශපාලන පක්ෂ තුනක පමණ ලියාපදිංචිය අහෝසි කිරීමට සිදුවන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසනවා. ඔහු කියා සිටියේ ඊයේ දේශපාන පක්ෂ ලේකම්වරුන් සමග මැතිවරණ මහලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවේදී මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු හුවමාරු කර ගත් බවයි. දැනට සුළු සුළු අඩුපාඩු ඇති දේශපාලන පක්ෂ සඳහා ඔවුන්ගේ ලිපි ලේඛන භාර දීමට මේ මස අවසානය දක්වා කාලය ලබාදී තිබෙනවා. මැතිවරණ කොමසාරිස්වරයා සදහන් කළේ අඩුපාඩු පවතින දේශපාලන පක්ෂ කිහිපයක් අද සහ හෙට දිනවල තමා සමග සාකච්ඡා කිරීමට කාලය වෙන් කරවාගෙන ඇති බවයි. මෙරට ලියාපදිංචි දේශපාලන පක්ෂවලින් සියයට 50කට වැඩි සංඛ්‍යාවක් පක්ෂ ලියාපදිංචියට අදාළ වත්කම් - බැරකම් ප්‍රකාශ ඇතුළු අනෙකුත් ලිපි ලේඛන ලබාදී ඇති බව සඳහන්.

 

මේ අතර, මඩකලපුව මහ නගර සභාව ඇතුළුව ප්‍රාදේශීය සභා 8ක දැනට කල් දමා ඇති ජන්ද විමසීම මාර්තු මස 17 වැනිදාට පෙර පැවැත්විය නොහැකි බව මැතිවරණ මහකොමසාරිස්වරයා පවසනවා. ඔහු කියා සිටියේ නව පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත ජනවාරි මස 1 වැනිදා සිට බලාත්මක වන බවයි. මෙතෙක් එම පනතට අනුව කොට්ඨාශ නිර්ණයන් සිදුකර නොමැති බැවින් මෙම පළාත් පාලන ආයතන 9 යේ ඡන්ද විමසීම මාර්තු මස 17 වැනිදාට පෙර පැවැත්වීමට තමාට නීතිමය ප්‍රතිපාදන නොමැති බවද මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කළා.

 

 

 
මඩකලපුව මහ නගර සභාව ඇතුළුව ප්‍රාදේශීය සභා 9 ක ඡන්ද විමසීම අවසන්වරට පවත්වනු ලැබුවේ 2008 මාර්තු මස 10 වැනිදායි. පසුව පළාත් පාලන අමාත්‍යවරයා විසින් එහි කාලය 2012 මාර්තු මස 17 වැනිදා දක්වා වසරකින් දීර්ඝ කරනු ලැබුවා. මෙම පළාත් පාලන ආයතන 9 යේ ඡන්ද විමසීම පැවැත්වීමට නම් ජනවාරි මස 10 වැනිදාට පෙර නාමයෝජනා කැඳවිය යුතු නමුත් නව පළාත් පාලන පනත හේතුවෙන් එය සිදුකළ නොහැකි බවයි මැතිවරණ කොමසාරිස්වරයා වැඩිදුරටත් කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories