අභියාචනාධිකරණය නොතීසි නිකුත් නොකළා නම් හොදයි. - එජාපය.

Sunday, 06 January 2013 - 19:05

%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%A0%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%B1%E0%B7%9C%E0%B6%AD%E0%B7%93%E0%B7%83%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%9A%E0%B7%85%E0%B7%8F+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B7%84%E0%B7%9C%E0%B6%AF%E0%B6%BA%E0%B7%92.+-+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA.

අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය අද (06) තවත් නිවේදනයක් නිකුත් කළා. එම නිවේදනයේ සඳහන් වන්නේ ව්‍යවස්ථාවේ 107 වන වගන්තිය අනුව විනිශ්චයකාරවරුන්ට දෝෂාභියෝග ගෙන ඒම පූර්ණ වශයෙන්ම පාර්ලිමේන්තු විෂය පථයට අදාළ කාර්යයක් බවයි. එමෙන්ම එම ක්‍රියාවලිය ලැටිමෝර් හවුස් ප්‍රතිපත්තීන්ට අනුකූලව ස්වාධීනව සහ අපක්ෂපාතී ලෙස පැවැත්විය යුතු බව ද එහි පෙන්වා දී තිබෙනවා.

එසේම 107 වගන්තිය යටතේ පරීක්ෂණ පැවැත්වීම සදහා වත්මන් ව්‍යවස්ථාමය ප්‍රතිපාදන සහ ස්ථාවර නියෝග 78, (ආ) ප්‍රමාණවත් බවට නීතිපතිවරයා ඉදිරිපත් කළ කරුණු ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගෙන නැති බව ද එම නිවේදනයේ සඳහන් කරනවා. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් අධිකරණ බලය ක්‍රියාත්මක කිරීම ව්‍යවස්ථාවේ 4 (ඇ) වගන්තියට පටහැනි යැයි ඇතැම් දේශපාලන පක්ෂ ඉදිරිපත් කරන තර්ක ද ශ්‍රේෂ්ඨාධිකරණය ද පිළිගෙන නැහැ. මෙම නඩු විභාගය සඳහා එක්සත් ජාතික පක්ෂය සහභාගි නොවීම පිළිබද ඇතැම් දිනපතා ඉංග්‍රීසි පුවත්පත් සහ ඉන්දීය ජනමාධ්‍ය සාවද්‍ය අර්ථ කථන ලබාදී ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

අධිකරණ පනතේ 49 වන වගන්තිය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු කිසියම් නඩුවක පාර්ශවකරුවෙකු හෝ සැලකිල්ලක් දක්වන්නෙකු හෝ වේ නම් ඒ පිළිබද විභාග කිරීමේ බලය ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයට හා එහි විනිශ්චකරුවන්ට පමණක් බව එම නිවේදනයෙන් අවධාරණය කරනවා. එහෙයින් සිදුකළ යුතුව තිබුණේ අභියාචනාධිකරණය මෙම නඩුවේ දී නොතීසි නිකුත් කිරීමෙන් වැලකී සිටීම බවයි එක්සත් ජාතික පක්ෂය පෙන්වා දෙන්නේ.
 
කෙසේ වෙතත් ව්‍යවස්ථාවේ පූර්විකාවේ දක්වා ඇති පරිදි අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කිරීම පාර්ලිමේන්තුවේ වගකිමක් බව ද එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ නිවේදනයෙන් අවධාරණය කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories