අගවිනිසුරුවරියගේ පෙත්සම අභියාචනාධිකරණයේදී අද විභාගයට.

Monday, 07 January 2013 - 7:52

%E0%B6%85%E0%B6%9C%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%A0%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AF+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7.

දෝෂාභියෝග කාරක සභා වාර්තාවට එරෙහිව අගවිනිසුරුවරිය ගොනුකර ඇති පෙත්සම අද අභියාචනාධිකරණයේදී  විභාගයට ගැනෙනවා. අභියාචනාධිකරණයේ සභාපති ශ්‍රී ස්කන්ධරාජා, අනිල් ගුණරත්න, ඒ.ඩබ්ලිව්.ඒ.සලාම් යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේයි මෙම පෙත්සම විභාගයට ගැනෙන්නේ. මෙම පෙත්සම පසුගිය 03 වැනිදා කැඳවූ අවස්ථාවේදී අගවිනිසුරුවරියගේ පෙත්සමට මැදිහත්වීමට ඉඩ ලබා දෙන්නැයි අතරමැදි පෙත්සම් දෙකක් අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබුණා. එම පෙත්සම් අභියාචානාධිකරනය ඉවත දැමීමට තීරණය කළ අතර නීතිපතිවරයාගේ මැදිහත්වීමක් සිදුවන නිසා වෙනත් පාර්ශවයන්ගේ මැදිහත්වීමක් අවශ්‍ය නොවන බවයි ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළේ. ඒ අනුව අද අධිකරණය හමුවේ කරුණු දැක්වීමට නීතිපතිවරයාට අභියාචානාධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි ද නිකුත් කෙරුණා.

මේ අතර දෝෂාභියෝගය විවාදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කථානායක චමල් රාජපක්ෂයේ ප්‍රධානත්වයෙන් අද විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබෙනවා. උදෑසන 11.30 ට කමිටු ශාලා අංක එකේ පැවැත්වෙන මෙම රැස්වීම උණුසුම් එකක් වනු ඇති බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ. කෙසේ වුවත් මෙහිදී දෝෂාභියෝග විවාදය පවත්වන දින ගණන සම්බන්ධයෙන් මෙහිදී තීරණයක් ගැනීමට නියමිතයි.

මේ අතර රටක නීති සම්පාදනය කරන පුද්ගලයන් සහ නීතිය ක්‍රියාත්මක කරන පුද්ගලයන් රටේ පොදු සම්මත නීතියට අනුව කටයුතු කළ යුතු බව දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් ද සිල්වා පවසනවා. ඊයේ මාතර පැවැති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

[MP3]s50956_1[/MP3]

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අර්ථ නිරූපණයක් ලබා දුන්නේ නම් කථානායකවරයා ඇතුලූ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් එම තීන්දුවට එකඟ විය යුතු බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහනුවරදී ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් මේ බව සඳහන් කළා. මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව සියලූදෙනා එක්ව නව නීති සකස් කළ යුතු බවයි.

[MP3]s50956_2[/MP3]

හිටපු කථානායක අනුර බණ්ඩාරනායක ලබාදුන් තීන්දුවට පිටින් කටයුතු කිරීමට හැකියාවක් නොමැති බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ ලලිත් දිසානායක පවසනවා. ඒ අනුව පාර්ලිමේන්තුව උත්තරීතර බවයි ඊයේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ පැවති රැස්වීමකදී නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

[MP3]s50956_3[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories