කොටුවේ පොලිස් කාන්තාවගේ ඝාතනයට හේතුව ප්‍රේම සබඳතාවක්.

Monday, 07 January 2013 - 12:50

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%B8+%E0%B7%83%E0%B6%B6%E0%B6%B3%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.



කොළඹ - කොටුවේ ගුවන් පාලමක් මතදී කැපුම් තුවාල සහිතව මියගොස් සිටි පොලිස් කාන්තාවගේ ඝාතනය ප්‍රේම සම්බන්ධතාවයක් හේතුවෙන් සිදුකරන ලද්දක් බවට අනාවරණය වී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ මූලික පරීක්ෂණවලදී මේ බව තහවුරු වී ඇති බවයි. අද උදෑසන 7 ට පමණ කොටුව - ටෙලිකොම් ලෝටස් පාරේ ගුවන් පාලම මතදී මෙම පොලිස් කාන්තාව ගෙළ කපා ඝාතනය කර තිබුණා. ඇය පොලිස් ක්‍රීඩා කොට්ඨාශයට අනුයුක්තව සේවය කළ බිබිල - නන්නපුරාව ප්‍රදේශයේ පදිංචිකාරිනියක් ද වනවා. මියගිය මෙම කාන්තාව පොලිස් කොස්තාපල්වරයෙකු සමග ප්‍රේම සබඳතාවක් පවත්වා තිබෙනවා. සැකකරු ද වස පානය කර ඇති අතර දැනට ඔහු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ. සැකකරු මොණරාගල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන වළපනේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories