දෝෂාභියෝග විමර්ශනයට පත්කළ ස්වාධීන කමිටුව අද රස්වේ.

Monday, 07 January 2013 - 13:07

%E0%B6%AF%E0%B7%9D%E0%B7%82%E0%B7%8F%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B7%85+%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%B0%E0%B7%93%E0%B6%B1+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B6%AF+%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%9A.



අගවිනිසුරුවරියට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද දෝෂාභියෝග වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කළ සිව් පුද්ගල කමිටුව අද (07) රස්වීමට නියමිත බව ජනාධිපති ප්‍රකාශක මොහාන් සමරනායක පවසනවා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පත්කර ඇති මෙම සිව් පුද්ගල කමිටුවට විවිධ ක්‍ෂේත්‍රවල ප්‍රවීනයින් හතරදෙනෙකු ඇතුළත් බවයි ඔහු ප්‍රකාශ කළේ.

 
කෙසේ වෙතත් එම සිව් පුද්ගල කමිටුවට ඇතුළත් පුද්ගලයින්ගේ නම් මෙතෙක් හෙලි කර නොමැති බවද ජනාධිපති ප්‍රකාශක මොහාන් සමරනායක සඳහන් කළා. අගවිනිසුරුවරියට එරෙහිව ඉදිරිපත් කර ඇති දෝෂාභියෝග වාර්තාව සම්බන්ධයෙන් අධ්‍යයනය කර ඒ පිළිබඳව අවසන් වාර්තාවක් ජනාධිපතිවරයා වෙත ලබාදීමට නියමිත බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories