දෝෂාභියෝගය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය 10 සහ 11.

Monday, 07 January 2013 - 18:39

%E0%B6%AF%E0%B7%9D%E0%B7%82%E0%B7%8F%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA+10+%E0%B7%83%E0%B7%84+11.

අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝගය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය මේ මස 10 වැනිදා සහ 11 වැනිදා පැවැත්වීමට අද (07) පෙරවරුවේ රැස්වූ පක්ෂ නායකවරුන් තීරණය කර තිබෙනවා. ඊට අදාළ ඡන්ද විමසීම මේ මස 11 වැනිදා පස්වරු 6.30 ට පැවැත්වෙනු ඇති. කථානායක චමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති පක්ෂ නායක රැස්වීමේදී ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් පැහැදිලි කරන නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි.

 

[MP3]s50997_1[/MP3]                                                

 

පක්ෂ නායක රැස්වීම අද (07) පෙරවරුවේ පැවැත්වෙන අතරතුර විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයන් ඊට විරෝධය පළ කරමින් නැගිට ගොස් තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක, දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි සුරේෂ් ප්‍රේමචන්ද්‍ර සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ තමන් ඇතුලූ මන්ත්‍රීවරුන් නැගිට ගිය බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂ්මන් කිරිඇල්ල කියා සිටියේ.

 

[MP3]s50997_2[/MP3]                                            

 

ඒ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අනුර කුමාර දිසානායක.

 

[MP3]s50997_3[/MP3]                                                

 



කෙසේ වෙතත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොළඹ අද පැවැත් වූ මාධ්‍ය හමුවට එක්වූ එම පක්ෂයේ මහලේකම්, අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේ පක්ෂ නායක රැස්වීමට එක්වූ විපක්ෂයේ නියෝජිතයන් හදිසියේ ඉන් නැගිට නොගිය බවයි. ඔවුන් එම රැස්වීම අවසන්වීමෙන් පසුව නැගිට ගිය බව ද ඔහු ප්‍රකාශ කළා.

 
[MP3]s50997_4[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories